Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල්වල අධ්‍යාපන චාරිකා දුර සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය
    Featured

    පාසල්වල අධ්‍යාපන චාරිකා දුර සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

    By LFNJanuary 22, 2023No Comments1 Min Read257 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යාපන චාරිකා සඳහා පාසල් සිසුන් රැගෙන යා හැකි දුර ප්‍රමාණය සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව දිනකට සිසුන් රැගෙන යා හැකි උපරිම දුර ප්‍රමාණය කිලෝ මීටර් 100කට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ අවධානයට ලක්ව ඇති බවයි එම අමාත්‍යංශයේ උසස් නිළධාරියෙකු මාධ්‍ය වෙත කියා සිටියේ.

    එලෙස අධ්‍යාපන චාරිකා සඳහා රැගෙන යන සිසුන් පස්වරු 6ට පෙර යළි අදාළ පාසලට රැගෙන ආ යුතු වනවා. ඉදිරියේදී පාසල් සිසුන් රැගෙන යන අධ්‍යාපන චාරිකා සඳහා තෝරාගන්නා ප්‍රදේශ පිළිබඳවද වැඩි අවධානයක් යොමු කිරීමටද නියමිතව තිබෙනවා.

    නව උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් සියලු පාසල් හා අධ්‍යාපන බලධාරීන් වෙත කඩිනමින් නිකුත් කිරීමටද පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ.

    එලෙස නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත්තේ ඉකුත් සිකුරාදා රාත්‍රියේ නුවරඑළිය නානුඔය රදැල්ල ප්‍රදේශයේදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක් වීම හේතුවෙන්.

    එම අනතුරෙන් එකම පවුලේ 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 43 දෙනෙකු ඇතුළුව තුවාල ලැබූ 53දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුනේ නුවරඑළිය රෝහලටයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 202604 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.