Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිස්ත්‍රික්ක 15ක නාමයෝජනා 100ක් ප්‍රතික්ෂේපයි
    Featured

    දිස්ත්‍රික්ක 15ක නාමයෝජනා 100ක් ප්‍රතික්ෂේපයි

    By LFNJanuary 22, 2023No Comments1 Min Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ආයතන රැසකට ප්‍රධාන දේශපාලන පක්ෂ භාරදුන් නාමයෝජනා පත්‍ර රැසක් ප්‍රතික්ෂේප වී තිබේ.

    ඒ අනුව දිස්ත්‍රික්ක 15ක පමණ ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර සංඛ්‍යාව 100 ඉක්මවා ඇති බව වාර්තා වේ.

    එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට හා මහියංගණය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

    ලංකා කම්කරු කොංග්‍රසය හාලිඇළ ප්‍රාදේශීය සභාව සඳහා ලබාදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබුණු අතර එහි අපේක්ෂකයින් ඒ බව දැනගැනීමෙන් අනතුරුව හඬා වැටුණි.

    හෙලිකොප්ටරය ලකුණින් යුත් නිදහස් ජනතා සන්ධානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද ප්‍රතික්ෂේප වී තිබු අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද ප්‍රතික්ෂේප වී ඇත.

    මේ අතර, රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය කන්තලේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද ප්‍රතික්ෂේප විය.

    දෙමළ ජාතික සන්ධානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබේ.

    කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ 10ක් හා ස්වාධීන කණ්ඩායම් 03ක් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇත.

    රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට හා කලවාන ප්‍රාදේශීය සභා දෙක සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබේ.

    ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර 06 ක් ද ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.