Close Menu
Lanka Focus News
    What's Hot

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චීනයේ ස්ථාවරය කුමක්වෙයිද ?
    Featured

    චීනයේ ස්ථාවරය කුමක්වෙයිද ?

    By LFNJanuary 22, 2023No Comments1 Min Read201 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (22) දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දීමට නියමිත බව වාර්තා වේ.

    හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ අදාළ දැනුම්දීම අද දිනය තුළ චීනය විසින් ලිඛිතව සිදුකරනු ඇති බවය.

    මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විසින් සිය ස්ථාවරය පසුගිය 16 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දැනුම් දී තිබුණි.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඔවුන් සිය එකඟතාව සිදුකරනු ඇති බව භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා පසුගිය සිකුරාදා දිනයේ ප්‍රකාශ කළේය.

    රොයිටර්ස් පුවත් සේවය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රියන්ත රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ සාකච්ඡා රහසිගතව පැවතීම හේතුවෙන් අදාළ සාකච්ඡා පිළිබඳ තොරතුරු ලබාදිය නොහැකි බවය.

    ඉන්දියාව විසින් මේ වන විටත් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය පළකර ඇති බැවින් චීනය ද සිය ස්ථාවරය කඩිනමින් දැනුම් දෙනු ඇති බව මහ භාණ්ඩාරයේ නියෝජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

    චීනය සහ ඉන්දියාව මෙරටට ප්‍රධානතම ණය ලබාදුන් රටවල් දෙක වන අතර ඔවුන්ගේ ස්ථාවරය හිමිවීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම පිළිබඳ සිය එකඟතාව පළකිරීමට නියමිත බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,459 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 202607 Views

    සාංචිහි බෞද්ධ උරුමය සහ ගෘහ නිර්මාණ ශිල්පය දැක බ්‍රික්ස් නියෝජිතයෝ මවිතයට පත්ව තිබේ. ඒ, ක්‍රිස්තු…

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026

    කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 132ක් දක්වා ඉහළට

    August 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.