Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»රදැල්ල අනතුරේ අලුත්ම තත්ත්වය
    Hot News

    රදැල්ල අනතුරේ අලුත්ම තත්ත්වය

    By LFNJanuary 21, 2023No Comments2 Mins Read312 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (20) නුවරඑළිය, නානුඔය – රදැල්ල ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු රිය අනතුරෙන් ළමුන් තිදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    ඉන් තවත් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබුණි.

    බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණි.

    අනතුරට ලක්ව තිබුණේ අධ්‍යාපන චාරිකාවක් සඳහා ගොස් නුවරඑළිය දෙස සිට හැටන් දෙසට ධාවනය වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් බව පොලීසිය පැවසීය.

    අනතුරෙන් පසු බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ප්‍රපාතයකට ඇදී ගොස් ඇත.

    එහිදී පාසල් සිසුන් 41 දෙනෙකු ඇතුළු 53 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.

    පොලිස්මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් නීතිඥ අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලීසිය විමර්ශන සිදුකරන බවය.

    අනතුරින් වෑන් රථයේ සිටි 06 දෙනෙකු සහ ත්‍රි රෝද රථයේ රියදුරු මියගොස් තිබේ.

    මියගිය පිරිස අතර අවුරුදු 08ක් සහ 12ක් වයසැති ගැහැණු ළමුන් දෙදෙනෙක්, අවුරුදු 13ක පිරිමි දරුවෙකු සිටින බව පොලීසිය සඳහන් කළේය.

    අවුරුදු 26 සහ 27 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ 43 හැවිරිදි කාන්තාවක් ද මියගිය පිරිස අතර වූහ.

    ඔවුන් හැටන්, නානුඹය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අනාවරණය වී ඇත.

    මේ අතර අනතුරට ලක් වූ සිසුන්ට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබුණි.

    අවශ්‍යතාවක් ඇති වුවහොත් පහසුකම් සලසන ලෙස ජනාධිපතිවරයා ගුවන් හමුදාවට ද උපදෙස් ලබාදී තිබූ අතර ඒ අනුව ගුවන් හමුදාව විසින් එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සුදානම් කර තිබූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ විදුහල්පතිවරයා දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයින් රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ඊයේ රාත්‍රි පාසල තුළ සාකච්ඡාවක් පැවැත් වූ බවය.

    ඒ අනුව කණ්ඩායම් දෙකක් ඊයේ රාත්‍රියේදීම නුවරඑළිය රෝහල වෙත පිටත් කර යවා තිබේ.

    තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.