Close Menu
Lanka Focus News
    What's Hot

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අමෙරිකානු තානාපතිනියගේ ප්‍රකාශයට චීන තානාපති කාර්යාලයෙන් පිළිතුරු
    Featured

    අමෙරිකානු තානාපතිනියගේ ප්‍රකාශයට චීන තානාපති කාර්යාලයෙන් පිළිතුරු

    By LFNJanuary 19, 2023No Comments2 Mins Read252 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සඳහා වඩාත් සහනදායී විසඳුමක් මූල්‍ය අරමුදල වෙතින් ලබාදීම සඳහා කටයුතු නොකර, චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය කිරීමට අමෙරිකාව උත්සාහ කරන බවට මෙරට චීන තානාපති කාර්යාලය චෝදනා කර සිටී.

    නිවේදනයක් නිකුත් කරන තානාපති කාර්යාලය මේ චෝදනාව සිදුකළේ, ශ්‍රී ලංකාවට මූල්‍ය සහතිකයක් ලබාදීමට චීනය පමාකිරීම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනිය කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

    අමෙරිකානු තානාපතිවරියගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන කොළඹ චීන තානාපති කාර්යාලය පවසන්නේ, මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව පවත්වන සාකච්ඡා කඩාකප්පල් කරන්නේ චීනය බවට අමෙරිකානු තානාපතිනිය කුප්‍රකට මන්ත්‍රය නැවත ජපකරන බවය.

    චීන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ එවැනි පදනම් විරහිත චෝදනා එල්ල කිරීමට සහ දේශන පැවැත්වීමට පෙර මූල්‍ය අරමුදලේ තීරණ සම්බන්ධයෙන් විශාලතම නිෂේධ බලය පවතින්නේ අමෙරිකාවට බව තානාපතිනිය වටහාගත යුතු බවය.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ බාහිර ණය අතුරින් 40%ක් පමණ නියෝජනය කරන ඉහළ පොළී ලැබීමේ අපේක්ෂාවෙන් මෙරට ස්වෛරීත්ව බැඳුම්කර වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ කවුරුන්ද යන්න තානාපතිනිය තමාගෙන්ම විමසා ගත යුතු බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

    ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවූ වහාම අධිකරණයට ගියේ කවුරුන්ද යන්න විමසිය යුතු කරුණක් බවත් චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාව සඳහා වඩාත් සහනදායී විසඳුමක් මූල්‍ය අරමුදල වෙතින් ලබාදීම සඳහා තීරණයකට එළැඹීමෙන් තොරව අමෙරිකාව චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවට ද එම නිවේදනය මගින් චෝදනා කර තිබේ.

    එහෙත් සැබෑ කඩාකප්පල්කරු කවුරුන් ද යන්න වටහා ගැනීමට චීන සහ ශ්‍රී ලංකා ජනතාව බුද්ධිමත් බවත් කොළඹ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 202602 Views

    දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු…

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.