Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»චීනය සැබෑ මිතුරෙක්දැයි ශ්‍රී ලංකා ජනතාව දැකගනී – අමෙරිකාව
    Hot News

    චීනය සැබෑ මිතුරෙක්දැයි ශ්‍රී ලංකා ජනතාව දැකගනී – අමෙරිකාව

    By LFNJanuary 18, 2023No Comments2 Mins Read256 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සඳහා වඩාත් සහනදායී විසඳුමක් මූල්‍ය අරමුදල වෙතින් ලබාදීම සඳහා කටයුතු නොකර, චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය කිරීමට අමෙරිකාව උත්සාහ කරන බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මෙම චෝදනා එල්ලකරන්නේ මූල්‍ය සහතිකයක් ලබාදීමට චීනය පමාකිරීම සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපතිවරිය විසින් චීනයට එල්ල කරනු ලැබු චෝදනාවලට පිළිතුරු ලබාදෙමිනි.

    ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය විසින් BBCයට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය එලෙස දැඩි විවේචනාත්මක නිවේදනයක් නිකුත් කර තිබුණි.

    අමෙරිකානු තානාපතිනිය බීබීසී වැඩසටහනට ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ ණය මුදල ලබාගැනීමට ප්‍රධානතම බාධකය වී ඇත්තේ චීනය බවය.

    ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග්,

    “චීනය කියන්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ මිතුරෙකු කියා. එහෙනම් මම හිතන්නේ ශ්‍රී ලංකා ජනතාව කැමතිවේවි එය ක්‍රියාවෙන් දකින්න. මූල්‍ය සහතිකයක් ලබාදීම පමා නොකිරීමට චීනය කටයුතු කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා. හැකි ඉක්මනින් එවැනි මූල්‍ය සහතිකයක් ලබාදීමෙන් ඔවුන්ට එය පෙන්නුම් කළ හැකියි. මන්ද, ශ්‍රී ලංකාවට තවත් පමාවීමට කාලයක් නැහැ. ඔවුන්ට මෙම මූල්‍ය සහතිකය කඩිනමින් අවශ්‍යයි. සැම්බියාව, වැඩ් ඇතුළු රටවල් කිහිපයකදීම මෙවැනි පමාවක් දක්නට ලැබුණා. එම රටවලට මූල්‍ය සහන ලබාගැනීමට බාධා ඇතිවූයේ චීනයේ මෙම පමාව හේතුවෙන්. එහිදී කඩාකප්පල්කරු වූයේ චීනයයි. ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අපි අපේක්ෂා කරනවා… මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවලදී චීනය එවැනි කඩාකප්පල්කරුවෙකු ලෙස කටයුතු නොකරනු ඇතැයි කියා.”

    අමෙරිකානු තානාපතිවරියගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කොළඹ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව පවත්වන සාකච්ඡා කඩාකප්පල් කරන්නේ චීනය බවට අමෙරිකානු තානාපතිනිය කුප්‍රකට මන්ත්‍රය නැවත ජපකරන බවය.

    එවැනි පදනම් විරහිත චෝදනා එල්ල කිරීමට සහ දේශන පැවැත්වීමට පෙර මූල්‍ය අරමුදලේ තීරණ සම්බන්ධයෙන් විශාලතම නිෂේධ බලය පවතින්නේ අමෙරිකාව මත බව තානාපතිනිය වටහාගත යුතු බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ බාහිර ණය අතුරින් 40%ක් පමණ නියෝජනය කරන ඉහළ පොලී ලැබීමේ අපේක්ෂාවෙන් මෙරට ස්වෛරීත්වය බැඳුම්කර වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ කවුරුන්ද යන්න තානාපතිනිය තමාගෙන්ම විමසා ගතයුතු බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

    ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවූ වහාම අධිකරණයට ගියේ කවුරුන්ද යන්න විමසිය යුතු කරුණක් බවත් චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

    ශ්‍රී ලංකාව සඳහා වඩාත් සහනදායී විසඳුමක් මූල්‍ය අරමුදල වෙතින් ලබාදීම සඳහා තීරණයකට එළැඹීමෙන් තොරව අමෙරිකාව, චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවට ද එම නිවේදනය මගින් චෝදනා කර තිබේ.

    එහෙත් සැබෑ කඩාකප්පල්කරු කවුරුන් ද යන්න වටහා ගැනීමට චීන සහ ශ්‍රී ලංකා ජනතාව බුද්ධිමත් බවත් කොළඹ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 202600 Views

    හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි…

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.