Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අතිරේක මහෙස්ත්‍රාත්වරිය ගැන පැමිණිල්ලක්
    Featured

    අතිරේක මහෙස්ත්‍රාත්වරිය ගැන පැමිණිල්ලක්

    By LFNJanuary 18, 2023No Comments3 Mins Read217 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධව විභාග වන නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය විසින් ඊයේ (17) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත යොමුකරනු ලැබීය.

    ඒ, සැකකාර පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට දේශීය ඖෂධ සහ පෝෂණ අතිරේක ලබාදීම සඳහා අතිරේක මහෙස්ත්‍රාත්වරිය මුදල් ලබාදීමේ සිද්ධියක් පිළිබඳව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කිරීමෙන් පසුවය.

    ඒ අතර වසන්ත මුදලිගේ ජනවාරි 31 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියම කළේය.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

    නඩුව කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේය.

    එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ විශේෂ ඉල්ලීමක් සිදුකළේය.

    “ස්වාමීනි, මෙම සැකකරුවන් මුලින්ම නොවැම්බර් මස 17 වනදා හා 22 වනදා ඔබතුමියගේ නිල මැදිරියට ඉදිරිපත් කළා. එහිදී ඔබතුමිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස්, ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර, සහකාර පොලිස් අධිකාරී වසන්ත රත්නායක ඇතුළු 4දෙනෙකු පොලිස්පතිවරයා වෙත දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා. එම දිවුරුම් ප්‍රකාශ පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. පොලිස්පතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා එම දිවුරුම් ප්‍රකාශ ඔබතුමිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරන ලෙස. එම නිසා මෙම පැමිණිල්ල ඔබතුමිය විසින් විභාග කිරීම නුසුදුසු බව මගේ හැඟීම.”

    එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැමිණිල්ලේ ඉල්ලීමට දැඩි විරෝධය පළකර සිටියේය.

    අදාළ දිවුරුම් පෙත්සම ඉදිරිපත් කරන ලෙස එහිදී කොළඹ අතිරේක මහ‍ෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය දන්වා සිටි අතර නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එය ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කළේය.

    “මෙම සැකකරුවන් නොවැම්බර් මස 17 දා ඔබතුමියගේ නිල මැදිරියට ඉදිරිපත් කළා. එහිදී ඔබතුමිය ප්‍රකාශයක් කරමින් ‘ඔයාලා අරගල කළේ අපි හැමෝම වෙනුවෙන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කරලා තිබෙන නිසා ඇප ලබාදීමට හැකියාවක් නැහැ. පනතෙන් අපේ අත් බැඳලා තිබෙනවා. සැකකාර ස්වාමීන් වහන්සේට සිංහල බෙහෙත් ලබාගැනීමට අවශ්‍ය නම් ඒකට ඉඩ දෙන්න.” ලෙස දන්වා තිබෙනවා. එසේම සැකකාර සිරිධම්ම හිමියන්ට පස් පංගුවක් සහ සස්ටජන් ලබාදීම සඳහා ඔබතුමිය අධිකරණ නිලධාරීයෙකු වෙත රුපියල් 10,000ක මුදලක් ලබාදී තිබෙනවා.”

    මෙහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ තමා මෙම ක්‍රියාව සිදුකළේ දෙවන සැකකාර සිරිධම්ම හිමි භික්ෂූන් වහන්සේ නමක් ලෙස සලකා මානුෂික චේතනාවකින් බවය.

    “මා එම ප්‍රකාශය කළේ ත්‍රස්ත මර්දන කොට්ඨසයේ නිලධාරීන්ගේ ඉදිරිපිට. මා සඳහන් නොකළ ඇතැම් දේවලුත් එම කරුණු අතර තිබෙනවා. එසේ තිබියදී මාහට ප්‍රශ්නයක් ඇති කිරීම උත්සාහ කිරීම අනුමත කරන්න බැහැ.” යනුවෙන් මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළාය.

    එසේම අදාළ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ දැයි මහෙස්ත්‍රාත්වරිය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ අද දින හෝ (18) පැමිණිලි ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය.

    ඉදිරිපත් වූ සියලු කරුණු සලකාබැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය තීන්දු කළේ අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට යොමු කරන බවය.

    ඒ අනුව, එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවනු ලැබීය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් වූ ඇප පිළිබඳව නියෝගය ජනවාරි 31 වනදා ප්‍රකාශයට පත්කරන බවය.

    ඒ අනුව, වසන්ත මුදලගේ එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

    මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කළ යුතු බව සඳහන් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, හියුමන් රයිට්ස් වොච් ඇතුළු මානව හිමිකම් සංවිධාන හතක් එක්ව අද නිවේදනයක් නිකුත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.