Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශ්‍රාම වැටුප් ගෙවීමත් පමාවෙන ලකුණු
    Featured

    විශ්‍රාම වැටුප් ගෙවීමත් පමාවෙන ලකුණු

    By LFNJanuary 17, 2023No Comments1 Min Read216 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම දින කිහිපයක් පමාවිය හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එලෙස පමා වුණත් අදාළ ගෙවීම් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බවය.

    “ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම දවසක් දෙකක් පමා වුණත් නියමිත දිනට ගෙවීමට කටයුතු කරනවා එකතුවෙන මුදල් අනුව. මාණ්ඩලික නොවන රාජ්‍ය සේවකයින් ට පළමුව වැටුප් ගෙවනවා. කෙටි කාල පමාවක් සිද්ධ වෙන්න පුළුවන් මේ දුෂ්කර අවස්ථාවලදී පමණක්. මාණ්ඩලික ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවීම දවස් දෙක තුනක් හෝ සතියක් හෝ එකතුවෙනකල් මේ මුදල. මුදල් එකතු වුණේ නැතත් වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා ඒ සඳහා වෙළෙඳපොළෙන් සොයාගන්න බැරි වුණොත් අච්චු ගහලා හරි මේ ටික සකස් කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට යම් කාලපරාසයක් අවශ්‍ය නිසා හරියටම රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට තමා මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ.‍ මොකද මීට ඉස්සෙලත් මේ තත්ත්වය තිබුණා. ණය ගත්තා සල්ලි අච්චු ගැහුවා ගෙව්වා. දැන් ඒ දේ කරන්න බෑ. ඒ නිසයි මේ අමිහිරි යථාර්ථයට මුහුණදෙන්න සිදුවෙලා තියෙන්නේ. කිසිවෙකුත් කිසිම සැකයක් අවිශ්වාසයක් ඇති කරගත යුතු නෑ. කෙසේ හෝ අනිවාර්යයෙන් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, පොහොර, බෙහෙත්, සමෘද්ධි දීමනා යනාදියට මුදල් ලබාදෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026049 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.