Close Menu
Lanka Focus News
    What's Hot

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිත්තර ආනයනය ප්‍රමාද කරන නිර්දේශය
    Featured

    බිත්තර ආනයනය ප්‍රමාද කරන නිර්දේශය

    By LFNJanuary 17, 2023No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බිත්තර ආනයනය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඊයේ (16) දිනයේත් නොලැබුනු බව රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

    කෙසේවෙතත්, එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා “අද දෙරණ” ට සඳහන් කළේ, අදාළ නිර්දේශ (17) දිනයේ ලබාදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද පස්වරුවේ තමාට දැනුම්දුන් බවය.

    බිත්තර ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් පසුව ඉන්දීය පෞද්ගලික සමාගම් දෙකක් වන “රක්නා ෆාම් ඇන්ඩ් ෆුඩ් පුද්ගලික සමාගම” සහ “ඓශ්චර්යා ෆාම් පුද්ගලික සමාගම” පසුගියදා තෝරාගැණුනි.

    ඒ අනුව මෙම සමාගම් දෙකට රුපියල් 35ක පිරිවැයක් යටතේ තමිල්නාඩුවෙන් බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදෙන්නැයි රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

    එවන් පසුබිමක අද බිත්තර නිෂ්පාදකයින් අවධාරණය කළේ , සහන ලබාදෙන්නේනම් බිත්තර මිල පහළදැමිය හැකි බවය.

    එහෙත්, අද දිනයේත් කොළඹ අවට බොහෝ ස්ථාන වල බිත්තර අලෙවි කෙරුණේ රුපියල් 55කට වැඩි මුදලකටය.

    කෙසේ වෙතත් නුවරඑළිය සහ කඳුකරයේ ජනතාව පවසන්නේ තවමත් බිත්තරයක් මිලදී ගැනීමට සිදුව ඇත්තේ රුපියල් 65 ත් 70 ත් අතර මිලකට බවය.

    මේ අතර, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ ලද වහාම, බිත්තර ආනයනයට අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගතහැකි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 202602 Views

    දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු…

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.