Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»‘‘බුද්ධිමත් ජනතාව පොහොට්ටුව දිනවනවා‘‘
    Featured

    ‘‘බුද්ධිමත් ජනතාව පොහොට්ටුව දිනවනවා‘‘

    By LFNJanuary 15, 2023No Comments2 Mins Read247 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ සදහා පළාත් පාලන ආයතන 19 සදහා පොදුජන පෙරමුණ පක්ෂය ඇප මුදල් තැන්පත් කිරීම එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්, ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් කාර්යාලයේදී ඊයේ සවස සිදු කෙරිණි.

    ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා සදහන් කර සිටියේ , ගම්පහ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීමත් සමග දිවයිනෙහි පොදුජන පෙරමුණ තරඟ කරන සියලුම පළාත් පාලන ආයතන සියල්ල වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අවසන් බවත් මෙම ආයතන සියල්ලෙහිම ජයග්‍රහණය නියත බවත්ය.

    මැතිවරණය නොපැවැත්වෙන බවට ඇතැම් දේශපාලන පක්ෂ ප්‍රකාශ කරන තත්ත්වයත් , විදුලිබිල සහ බදු වැඩි කිරීම මෙන්ම දරාගත නොහැකි ජීවන බර හමුවේ පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ හැකිවේද යන්න මෙහිදී මාධ්‍යවේදීන් විමසු අතර ඊට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේ , ඡන්දයෙන් ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් නොමැති පක්ෂ විසින් මැතිවරණය නොපැවැත්වෙන බව ප්‍රචාරයක් ගෙන යන බවත් විදුලි බිල , බදු වැඩිවූවද මෙය තේරුම් ගත හැකි රටේ බුද්ධිමත් ජනතාව පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට පියවර ගන්නා බව විශ්වාස බවත්ය.

    ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට බස්නාහිර සහ සබරගමුව පළාත් සභා සභාපතිවරුන්වන සුනිල් විජේරත්න, කාංචන ජයරත්න, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සහන් ප්‍රදීප් විතාන, කෝකිලා ගුණවර්ධන සහ මිලාන් ජයතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු තරඟ කරන පළාත් පාලන සභිකයින් පිරිසක්ද එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,445 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,401 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 202606 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.