Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙරට පාසල් දරුවන්ට චීනයෙන් නිලඇඳුම්
    Featured

    මෙරට පාසල් දරුවන්ට චීනයෙන් නිලඇඳුම්

    By LFNJanuary 14, 2023No Comments1 Min Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 වර්ෂයේ පාසල් නිලඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබේ.

    මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් එම රෙදිපිළි තොගය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වෙත නිල වශයෙන් භාරදීම කොළඹ වරාය පරිශ්‍රයේ දී ඊයේ (13) සිදු කෙරුණි.

    සිසුන්ට සෘජුවම ලබාදිය හැකි වන පරිදි කපා අසුරා ලේබල් කර ඇති එම රෙදි තොගයෙන් 1/3ක ප්‍රමාණයක් මේ වනවිටත් මෙරටට ලැබී ඇති අතර ඉදිරියේ දී කෙටි කලක් තුළ ඉතිරි රෙදි පිළි තොගය ද ලැබීමට නියමිත ය.

    2023 පාසල් අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් මාර්තු 20 වනවිට දිවයින පුරා රජයේ හා රජයේ ආධාර ලබන සියලු පාසල් මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ලක්ෂ 41ක් වූ දරුවන් සහ භික්ෂූන්වහන්සේ වෙනුවෙන් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී පැවසීය.

    මෙරට රජයේ පාසල් දිවා ආහාර වැඩසටහන සඳහා දෙනු ලබන පරිත්‍යාගයක් වශයෙන් චීන රජයෙන් අවස්ථා කිහිපයක දී කොටස් වශයෙන් ලබාදුන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක ප්‍රමාණය මේ වනවිට මුළුමනින්ම සපයා අවසන් බවද මෙහිදී වැඩබලන චීන තානාපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට නිල වශයෙන් දැනුම්දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස්…

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026

    මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

    August 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.