Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති ඇතුළු මැති ඇමතිවරුන්ගෙන් අය වියයුතු බද්දක් ?
    Featured

    ජනපති ඇතුළු මැති ඇමතිවරුන්ගෙන් අය වියයුතු බද්දක් ?

    By LFNJanuary 14, 2023No Comments2 Mins Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ ජනාධිපතිවරයාගේ සිට සියලුම අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අය වියයුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අය කරගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක වියයුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

    මූල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස යම් තනතුරක් දරන පුද්ගලෙකුට හිමිවන වාහන, නිවාස, සේවකයින් ආදී ප්‍රතිලාභ අයත්වන බැවින් ඒ සියල්ල සලකාබලා නිවැරදිව මෙම බදු අයකිරීම් සිදුකළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

    2023 වසර සඳහා බදු අය කරගැනීමේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා (10) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවා තිබූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරුණි.

    2022 වසරේ එකතු කරන ලද බදු ප්‍රමාණය රුපියල් බිලියන 860 කට ආසන්න බවත් 2023 වසර සඳහා අය කරගැනීමට අපේක්ෂිත බදු ප්‍රමාණය රුපියල් බිලියන 1,667ක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

    මේ අනුව ගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 922 කට ආසන්න බදු මුදල් ප්‍රමාණයක් මෙම වසරේ වැඩිපුර ලබාගැනීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.

    2023 වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගින්ය. එම මුදල රුපියල් බිලියන 603 කි.

    එසේම එකතු කළ අගය මත බද්ද (VAT) මගින් රුපියල් බිලියන 553 ක ආදායමක් අපේක්ෂා කරන බවද දේශීය ආදායම් නිලධාරීන් පෙන්වාදී තිබේ.

    මෙම බදු මුදල් අය කරගැනීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
    බදු ගෙවීම් පැහැර හැරීම්වලට අදාළව අධිකරණයේ පවතින නඩු කල්ගතවීම ඇතුළු ගැටලු පිළිබඳව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කරුණු දක්වා ඇත.

    මෙම ගැටලු සමාලෝචනය කොට ඊට විසදුම් ලබාදීමට රජයේ මුදල් කාරක සභාව ඉදරියේදී මැදිහත් වන බව කාරක සභා සභාපතිවරයා පවසා ඇත.

    මේ අනුව මෙම බදු අය කරගැනීමේ ප්‍රගතිය පිළිබඳව පෙබරවාරි මාසයේ දී කාරක සභාවට වාර්තා කරන ලෙසද කමිටු සභාපතිවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

    ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුපටත් බදු අයකරන බවට පළවූ ඇතැමු මාධ්‍ය වාර්තා පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමුවී තිබුණි.

    මෙහිදී දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන්නේ විශ්‍රාම වැටුපකට කිසිදු අයුරකින් එලෙස බදු අය කිරීමක් සිදු නොකරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.