Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නෙළුම් කුලුනේ දේපළ විනාශ කරන අයට එරෙහිව දැඩි පියවර
    Featured

    නෙළුම් කුලුනේ දේපළ විනාශ කරන අයට එරෙහිව දැඩි පියවර

    By LFNJanuary 13, 2023No Comments1 Min Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් ඇතැමුන් එහි දේපළවලට විශාල වශයෙන් හානි සිදුකරන බව එහි නිලධාරීන් පවසයි.

    ඔහුන් පෙන්වා දෙන්නේ මේ නිසා නෙළුම් කුලුන නඩත්තු කිරීමට විශාල වියදමක් දැරීමට සිදුවී ඇති බවය.

    ජනතා මුදලින් ඉදිකර ඇති මෙම දේපළ ආරක්ෂා කරගැනීම ජනතාවගේ වගකීමක් බව නෙළුම් කුලුන පෞද්ගලික ආයතනයේ නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

    කොළඹ නෙළුම් කුලුන පෞද්ගලික ආයතනයේ වෙළෙඳ විධායක නිලධාරී බිම්සර රොසයිරෝ මහතා සඳහන් කළේ,

    “මේවා හදලා තියෙන්නේ අපේම සල්ලිවලින්. ඒ නිසා මේක බලන්න ආපුවාම ඒවා විනාශ කරන්න එපා. අපි දැක්කා විවිධ ස්ථානවල හූරලා තියෙනවා. විවිධ නම් ලියලා තියෙනවා. ඒවා නැවත පිළිසකර කරන්න අපිට විශාල මුදලක් යනවා.”

    “මේ තැන්වලට හානි කරපු කිහිප දෙනෙක්ව අපි හඳුන ගත්තා. මින් ඉදිරියට ඒ අයට විරුද්ධව නීති මගින් කටයුතු කරනවා. ඊයේ (13) ඒ විදිහට කටයුතු කරමින් සිටි තුන්දෙනෙකුව හඳුන ගත්තා. අපි ඒ අයව මෙහෙ තියෙන පොලිස් ඒකකයට භාරදුන්නා.”

    “නෙළුම් කුලුනට එන්න. ඒකේ ලස්සන බලන්න. විනෝද වෙන්න. නමුත් ඒක විනාශ කරන්න එපා. මේක ජනතාවගේ.”

    “වොෂ්රූම්වල තියෙන සින්ක්වලට කකුල් දාලා හෝදනවා. කොමඩ්වලට පැම්පස් දානවා. ලොකු අයගේ ඒවත් දානවා. වතුර පුරවන කොටසේ පියන ඇරලා ඒකටක් දානවා. කාන්තා වැසිකිළියේ කොමඩ්වල ඉඳගන්න අකමැති නිසා ඇතැම් අය ඒ කටයුතු වෙන වෙන තැන්වල කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202604 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.