Close Menu
Lanka Focus News
    What's Hot

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෛරස් උණ මාරාන්තික විය හැකියි
    Featured

    වෛරස් උණ මාරාන්තික විය හැකියි

    By LFNJanuary 12, 2023No Comments2 Mins Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් ශ්වසන පද්ධතියට හානි සිදුවිය හැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

    ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසා සිටියේ, මෙම උණ රෝගී තත්ත්වය විශේෂයෙන් ගර්භණී සහ වයස්ගත පුද්ගලයින් ට මාරාන්තික තත්ත්වයක් වුවත් ඇති කළ හැකි බවය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    මෙම උණ රෝගයේ ලක්ෂණ ලෙස කැස්ස, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව හා කැරකැවිල්ල හඳුනාගෙන ඇතැයි ද විශේෂ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා කියා සිටියේය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

    “දැනට මාස දෙක තුනක් තිස්සේ බොහෝදෙනක් උණ රෝගයෙන් පෙළෙනවා. ශ්වසන පද්ධතියේ ඇති වෙන්නා වූ ආසාදනයක් විදියට දකින්න පුළුවන්. මේක සිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි දැනට පැතිරී යන වෛරස් එකක්. ඒ වෛරසය අපි හඳුනාගෙන නොමැති වුණත් අපි හිතනවා ඒක ඉන්ෆ්ලුවෙන්සා එක් ප්‍රභේදයක් කියලා. නමුත් බොහෝ රෝගීන් මෙම වෛරස් රෝගය දවස් දෙක තුනකින් සුව වුණත් ඊට පසුව දීර්ඝ කාලීනව පවතින කැස්සකට ලක්වෙනවා. ශරීරය විසින් මේ වෛරසය මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කරන ප්‍රතිදේහ සහ ඒවා ක්‍රියාත්මක වීම නිසා පෙනහළුවල තියෙන නාල කුඩා වීමක් සිදුවෙනවා. සීතලට ලක්වුණොත් නැත්නම් රාත්‍රී කාලයේ දී මේ සීතලට ලක්වූ නාල තුළින් වාතය ගමන් කිරීම මදක් අපහසුයි. එතකොට ඔබට හුස්ම ගැනීම අපහසු වෙනවා. හතිය වගේ රෝග ලක්ෂණයක් එන්න පුළුවන්.

    ඉතාමත් වැදගත් දේ තමා අපි හිතමු ගර්භණී මාතාවක් එහෙම නැත්නම් වයසක අවුරුදු 70, 80 හෝ 90ක කෙනෙකුට මේ වෛරසය ඇතුළු වුණොත් වකුගඩු අක්‍රීය තත්ත්වයෙන් පෙළෙන රෝගියෙකුට මේ වෛරසය ඇතුළු වුණොත් ඒ තත්ත්වය මාරාන්තික තත්ත්වයක් දක්වා යන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 202605 Views

    ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි…

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.