Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු ගැන සාකච්ඡා කෙරේ
    Featured

    ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු ගැන සාකච්ඡා කෙරේ

    By LFNJanuary 12, 2023No Comments2 Mins Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

    ඒ, ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදීය.

    එම අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේදී රැස්විය.

    මෙම කාරක සභාව සඳහා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන පාර්ශ්ව කිහිපයකම නියෝජිතයින් සහභාගී වූ අතර මේ වනවිට එම ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ ඒ ඒ පාර්ශ්වවල අදහස් ලබාගැනීම සිදුවී තිබේ.

    මෙහිදී පැමිණ සිටි නියෝජිතයින් පෙන්වා දුන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ සෘජු රැකියාවල නියුතුවන්නන් 650,000 ක් පමණ හා වක්‍ර රැකියාවල නියුතුවන්නන් ආසන්න වශයෙන් 700,000 ක් පමණ සිටින බවය.

    නමුත් වර්තමානය වනවිට ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක්වී ඇති බවත් මේ නිසා මෙම රැකියාලාභීන් අර්බුදයකට මුහුණපා ඇති බවත් ඔවුහු පෙන්වාදී ඇත.

    එසේම දැනට ඉදිකොට ඇති මහල් නිවාස සහ කාර්යාල වැනි ඉදිකිරීම් අලෙවි කරගැනීමට අපහසු තත්ත්වයක් ඇතිවී තිබෙන බවද මෙම පාර්ශ්ව පවසයි.

    මේ වනවිට ඉදිකොට ඇති ඉදිකිරීම්වලින් කොටසක් සඳහා රජය විසින් ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් බැංකු ණය ගෙවාගැනීමට අපහසුවූ විශාල පිරිසක් සිටින බවද පැමිණ සිටි පාර්ශ්ව පෙන්වාදී තිබේ.

    එසේම ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ පුද්ගලයින් රට හැරයාමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවද මෙහිදී අනාවරණය විය.

    අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ, මෙම ගැටලු සඳහා මුදල් අවශ්‍ය වන විසදුම්, මුදල් අවශ්‍ය නොවන විසදුම් සහ නීතිමය විසදුම් වෙන වෙනම හඳුනාගෙන වෙන වෙනම ක්‍රියාත්මක නොවුනහොත් රටේ ඉංජිනේරැ ක්ෂේත්‍රය විශාල බිඳ වැටීමකට ලක්වන බවය.

    මේ නිසා කඩිනමින් මේ පිළිබඳ වූ යෝජනාවන් පාර්ලිමේන්තුවට සහ රජයට ඉදිරිපත්කිරීමට බලාපොරෝත්තු වන බවද ඔහු පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 202603 Views

    පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබේ. මේ…

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.