Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැටලුවක් – සමෘද්ධිය ගෙවීමත් පමාවෙයි
    Hot News

    රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැටලුවක් – සමෘද්ධිය ගෙවීමත් පමාවෙයි

    By LFNJanuary 10, 2023No Comments2 Mins Read253 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වනවිට භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ඒ අනුව ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම දැඩි ගැටලුකාරි තත්ත්වයක් මතුකර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා සමෘද්ධි දීමනාව ලබාදීමට සති දෙකක් පමණ ප්‍රමාද විය හැකි බව ද පැවසීය.

    කෙසේවෙතත් මෙයට පිළියමක් ලෙස සියලුම අමාත්‍යාංශවලට අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලින් 5%ක් කපාහැරීමට යෝජනා වී තිබේ.

    “ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ලැබුවා වු 2023 වසරේ දී අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණදි සිටින බව. ආර්ථිකය 2022 හැකිලීම කරණකොට ගෙන බදු මගින් රැස්කර ගත හැකි ආදායම් ප්‍රමාණය වර්ෂය මුල විශාල ලෙස අඩුවෙලා තියෙනවා. ඒ නිසා ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල රජයට බදුවලින් ලැබෙන ආදායම විශාල ලෙස පහත ගියත් අත්‍යවශ්‍යයෙන්ම ගෙවිය යුතු වියදම් දැරීමට සිදුවෙනවා. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය සඳහා ගෙවන පොලී, වෙනත් සුබ සාධන වියදම් වැනි එදිනෙදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් කිසිදු ආදායමක් භාණ්ඩාගාරයට නෑ. ඒ නිසා ප්‍රධාන ගැටලුව ලෙස මුහුණදී සිටින්නේ සෑම මසකම අග රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ දී. ඒ බිල සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා තමයි ප්‍රමුඛතාවය ලබාදෙන්නේ. ඒ ප්‍රමුඛතාවය ලබාදීමෙන් පසු ඇතිවෙන අත්‍යවශ්‍ය සුබ සාධන පිරිවැය දරන්නවත් ප්‍රමාණවත් ආදායමක් නොමැති නිසා. මේ වර්ෂය පුරාවට මේ ආදායම් ගැටලුව පවතින නිසාත් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා සියලූම අමාත්‍යාංශවල අයවැය ලේඛනයෙන් වෙන්කළ මුදල්වලින් සියයට 5ක් කපා හරින්න.

    ජනවාරි මාසයේ දී වැටුප් ගෙවීමේ දී තියෙන දුෂ්කරතාවය නිසා සමෘද්ධි සහනාධාරය ගෙවීම සතියකට දෙකකට කෙටි පමාවක් සිද්ධවෙන්න ඉඩතියෙන බව එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම්දුන්නා. ඒ තරම්ම දරුණු මුල්‍ය අර්බුදයක් මේක. අපි කවුරු ආණ්ඩු කළත් භාණ්ඩාගාරයට ලැබෙන්නේ මහජනතාවගෙන් ලබාගන්න බදු මුදල් හා බදු නොවන ආදායම් මගින් තමා මේ සියලු වියදම් දරන්න වෙන්නේ. අපි කාගේවත් පුද්ගලික මුදලින් වියදම් දැරීමක් නෑ. සෑම වියදමක්ම දරන්නේ මහජනතාවගේ බදු මුදල්වලින්. මහජනතාව වෙත විශාල පීඩනයක් බදුවලින් පැටවිලා තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 202601 Views

    ලොව පුරා ඉහළ පිළිගැනීමක් ඇති චරිතයක් වන ‘හෙලෝ කිටී’ මෙම මස 19 දින මෙරටට පැමිණ…

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.