Close Menu
Lanka Focus News
    What's Hot

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විවාහ යෝජනාවට බෑ කියූ 14 හැවිරිදි දැරියට දත් කැඩෙන්න ගහලා
    Featured

    විවාහ යෝජනාවට බෑ කියූ 14 හැවිරිදි දැරියට දත් කැඩෙන්න ගහලා

    By LFNJanuary 10, 2023No Comments2 Mins Read324 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදුකර තිබේ.

    පසුව අදාළ පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ඇත.

    කඩු කිනිසි, පොලු මුගුරු රැගෙන පැමිණි පිරිසක් එම නිවසේ විසූ 14 හැවිරිදි දැරියකට අමානුෂික අන්දමින් දත් කැඩෙන සේ පහරදී ඇයගේ මුඛයේ දුම්වැටියක් ද ඔබා පැනගොස් තිබුණේ පසුගිය ජනවාරි 1 වනදා රාත්‍රියේය.

    ඔවුන් යතුරුපැදිය, ත්‍රිරෝද රථ සහ මෝටර් රථවලින් පැමිණ ඇති අතර, මේ වනවිට එම පිරිසෙන් පුද්ගලයින් සිව්දෙනෙක් යතුරුපැදියක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    සෙසු සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන මේ වනවිට පැවැත්වේ.

    ජනවාරි 1 වනදා කළුතර හෝටලයක පැවති උත්සවයක් අතරතුර දී පුද්ගලයෙකු විසින් පහරකෑමට ලක්වූ දැරියට විවාහ යෝජනාවක් සිදුකර ඇත.

    එයට උරණ වූ දැරිය එම පුද්ගලයා තල්ලුකර බැනවැදී තිබේ.

    එම අවස්ථාවේ දී දැරියගේ ඥාතීන් ද එයට මැදිහත් වී බහින්බස් වීමෙන් ආරවුලක් ඇතිව තිබුණි.

    පසුව දැරියව ඥාතීන් විසින් නිවසට ඇරලවා සුළු වේලාවක දී වාහන හා යතුරුපැදිවලින් විශාල පිරිසක් පැමිණ මෙලෙස පහරදීම සිදුකර ඇත.

    එම අවස්ථාවේ දී වයස අවුරුදු 70ක් වන දැරියගේ සීයා පහරදීම වැළැක්වීමට ඉදිරියට පැමිණ ඇති අතර, ඔහුට ද කඩු ප්‍රහාරයක් එල්ල වී බරපතළ තුවාල ලබා තිබේ.

    දැරියගේ පියා ද එම අවස්ථාවේ දී රැකියාව නිම වී නිවසට පැමිණ ඇති අතර, ඔහුව ද කඩුවලින් කපා බරපතළ තුවාල සිදුකර ඇතැයි වාර්තා වේ.

    තුවාලකරුවන් මේ වනවිටත් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 202604 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) වීථි සංචාරය කිරීමට…

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.