Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැතිවරණයට එරෙහි පෙත්සමට එරෙහිව පෙත්සම් දෙකක්
    Featured

    මැතිවරණයට එරෙහි පෙත්සමට එරෙහිව පෙත්සම් දෙකක්

    By LFNJanuary 9, 2023No Comments1 Min Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් දෙකක් ගොනුකර තිබේ.

    ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු වන නීතිඥ සුනිල් වටගල සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන්ග ගුණසේකර විසින් එම පෙත්සම් දෙක ඉදිරිපත් කර ඇත.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ, වර්තමානයේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන හෙයින් මෙම අවස්ථාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම නුසුදුසු බව සඳහන් කරමින් විශ්‍රාමික යුද හමුදා කවරෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති බවය.

    මෙම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බව අතරමැදි පෙත්සම් ගොනු කළ නීතිඥ සුනිල් වටගල හා එරන්ග ගුණසේකර යන මහත්වරු කියා සිටියේය.

    එමෙන්ම මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා සාධාරණ නීතිමය පදනමක් පවතින බව තහවුරු කිරීමට පෙත්සම්කරු අසමත් වී තිබෙන බවද ඔවුන් පෙන්වා දෙයි.

    එමෙන්ම වැරදි සහගත සහ නොමඟ යවන සුළු තොරතුරු මෙම පෙත්සම තුළින් අධිකරණය හමුවේ ගොනුකර ඇති බවත් අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කළේය.

    එබැවින් අදාළ පෙත්සම සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202604 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.