Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බෝම්බ රිෂාක් හා උක්කුවා අත්අඩංගුවට
    Featured

    බෝම්බ රිෂාක් හා උක්කුවා අත්අඩංගුවට

    By LFNJanuary 9, 2023No Comments2 Mins Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බම්බලපිටිය කින්රොස් පෙදෙස ව්‍යාපාරිකයකුගේ දෙමහල් නිවසට ඇතුළුවී දේපළ සොරා ගත් මාලිගාවත්තේ “බොම්බ රිෂාක්” සහ එම දේපළ සහ තවත් සොර බඩු මිලදී ගත් “උක්කුවා” නැමැත්තා රුපියල් ලක්ෂ පනහකට ආසන්න දේපළ සමග අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය කීයයි.

    ඊට අමතරව සොර බඩු ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථ රියදුරුද අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා අත් ඔරලෝසු හතරක් , රන් මුදු දෙකක් , ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්, අයි පෑඩ් දහයක් මෙන්ම ලැප්ටොප් පරිගණකයක් සහ විදේශීය මුදල් තොගයක් ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගනු ලැබීය.

    මීට දින කිහිපයකට ඉහතදී කින්රොස් පෙදෙසෙහි දෙමහල් නිවසට අලුයම් කාලයේදී දොර කඩා ඇතුළු වී තිබූ “බෝම්බ රිෂාක්” නමැති සැකකරු එම නිවසේ කාමරයක අල්මාරියේ දමා තිබූ රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනා අත් ඔරලෝසු 4ක් ඇතුළු දේපළ සොරාගෙන ගොස් තිබූ බව පොලීසිය කියයි.

    ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරු අනුව මාලිගාවත්ත ආර් ජි වත්ත ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගෙන සිදු කළ සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරුගෙන් සොර බඩු මිලදී ගත් උක්කුවා නමැත්තාගේ තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව එම නිවස වටලා එම සැකකරු අත්අඩංගුවට ගෙන නිවස පරික්ෂා කිරීමේදී ව්‍යාපාරික නිවසින් සොරාගත් දේපළ වලට අමතරව රුපියල් ලක්ෂ 20ක පමණ තවත් දේපල තිබී සොයාගත් බව පොලීසිය කියයි.

    අත්අඩංගුවට ගත් ප්‍රධාන තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙක් බවත් වාර්තා විය.

    සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 202604 Views

    රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කටාන, කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.