Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිටකොටුව සලිත කළ ඝාතනයට යොදාගත් යතුරුපැදිය හමුවෙයි
    Featured

    පිටකොටුව සලිත කළ ඝාතනයට යොදාගත් යතුරුපැදිය හමුවෙයි

    By LFNJanuary 9, 2023No Comments2 Mins Read161 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පිටකොටුව බැස්ටියන් මාවතේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩිතබා එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි යතුරුපැදිය ගෝනපොල ප්‍රදේශයේ නිවසක සඟවා තිබී සොයාගත් බව පිළියන්දල පොලීසිය පවසයි.

    එය සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී අයිස් ග්‍රෑම් හයක් සහ ගංජා ග්‍රෑම් දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

    මත්ද්‍රව්‍ය රැගෙන පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණෙන බවට පිළියන්දල පොලීසියට අනුක්ත බස්නාහිර පළාත් බුද්ධි අංශ ආවේක්ෂණ රාජකාරි සිදුකරන උප පොලිස් පරීක්ෂක කේ. එන්. ද. සිල්වා මහතාට ලැබුණු තොරතුරකට අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් පරික්ෂා කිරීමේදී කලිසම් සාක්කුවේ සඟවාගෙන තිබූ මත්ද්‍රව්‍ය හමුවීමෙන් අනතුරුව සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පැදිකරුගේ ගෝනපොල මිතුරෙකුගේ නිවසේ සඟවා තිබූ ඝාතනයකට යොදාගත් යතුරුපැදිය සහ සොරකම් කරන ලද තවත් ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක්ද ඒවා සන්තකයේ තබාගෙන සිටි එම පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබුණි.

    මේ පිළිබඳ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු යතුරුපැදිය ලබාදුන් බවට අනාවරණයවූ බව පොලීසිය කියයි.

    ත්‍රීරෝද රථය බෝකුන්දර මකුළුදූව ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවට සැකකරුවන්ගෙන් අනාවරණය වූ අතර යතුරුපැදිය සම්බන්ධයෙන් නිසි තොරතුරක් අනාවරණය කිරීමට අපොහොසත් වූ බව පොලිස් නිලධාරියකු පැවසීය.

    එම යතුරුපැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී, උහුමීය ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුට අයත් යතුරුපැදියක් බවට බවට අනාවරණයවීමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ විමර්ශනයේ දී එම පුද්ගලයාගේ බිරිඳ විසින් යතුරුපැදිය විකුණු බවට තොරතුරු ලැබුණු බව පොලීසිය කියයි.

    අනතුරුව එම කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තම මියගිය සැමියාගේ යතුරුපැදිය පිටකොටුව, බැස්ටියන් මාවතේ ඝාතනයට යොදාගෙන තිබූ බවට දැනගන්නට ලැබුණු බවට පැවසූ බව පොලීසිය පැවසීය.

    මැයි 30 වනදා පිටකොටුවේ ඝාතනය සිදුකර තිබූ අතර එම ඝාතනයට සම්බන්ධ එක් සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සමඟ ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබූණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.