Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකාව ට තියුණු ජයක් – වීරයා ශානක
    Sport

    ශ්‍රී ලංකාව ට තියුණු ජයක් – වීරයා ශානක

    By LFNJanuary 6, 2023No Comments2 Mins Read254 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (05) පැවති දෙවැනි විස්සයි 20 තරගයේ තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට කණ්ඩායම සමත්විය.

    තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටය.

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 දැවී ලකුණු 206ක් රැස් කළේය.

    ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 08ක් දැවී ලකුණු 190ක් පමණි.

    ඒ අනුව ලකුණු 16කින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජය වාර්තා කළේය.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් සමත් විය.

    ඔවුන් දෙදෙනා පන්දුවාර 8.2කදී ලකුණු 80ක් රැස්කළහ.

    පළමු කඩුල්ල ලෙස මෙන්ඩිස් ලකුණු 52කට දැවී ගියේය.

    පැතුම් නිස්සංක ලකුණු 33යි.

    නමුත් ශ්‍රී ලංකා මැදපෙළ නැවතත් අසාර්ථක විය.

    භානුක රාජපක්ෂ ලකුණු 02කට සහ ධනංජය සිල්වා ලකුණු 03කට දැවීගිය අතර චරිත් අසලංක ප්‍රවේගකාරී ලකුණු 37ක් රැස්කළේ පන්දු 19කිනි.

    ඊට 6 පහර 4ක් අයත් විය.

    ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික් ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් විය.

    මලික් ගේ පන්දු ඕවර 4 දී ලකුණු 48ක් දැහැ ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. මලික් කඩුලු 3ක් දවා ගත්තේය.

    දසුන් ශානක පන්දු 22කදී නොදැවී ලකුණු 56ක් ලබාගත්තේය.

    ඊට 6 පහර 6ක් ඇතුළත් විය.

    ශ්‍රී ලංකා ඉනිම 6 පහර 14කින් වර්ණවත් විය.

    චාමික කරුණාරත්න නොදැවී 11යි.

    ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 05 ලකුණු 57ක් වනවිට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ මහත් විය.

    අනතුරුව කඩුල්ලේ එක්වූ අක්ෂා පටේල් සහ සූර්යකුමාර් යාදෙව් 06 වන කඩුල්ල සඳහා ලකුණු 91ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළහ.

    අක්ෂා පටේල් සිය දිය අර්ධ ශතකය රැස් කිරීම සඳහා මුහුණ දුන්නේ පන්දු 20කට පමණි.

    අක්ෂා සහ සූර්යකුමාර් හසරංගගේ තෙවැනි ඕවරයේදී ලකුණු 26ක් ලබාගැනීමට සමත්වූ අතර එය හසරංගට එරෙහිව T20 ජාත්‍යන්තර තරගයකදී එක් ඕවරයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.

    තරගයේ 16 වන පන්දු ඕවරයේදී සූර්යකුමාර් යාදෙව් ව ලකුණු 51කට දවාගැනීමට දිල්ෂාන් මධුශංක සමත් විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.