Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සේපාල් අමරසිංහ රිමාන්ඩ්
    Featured

    සේපාල් අමරසිංහ රිමාන්ඩ්

    By LFNJanuary 6, 2023No Comments3 Mins Read236 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ සේපාල් අමරසිංහව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

    දළදා වහන්සේට අපහසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සේපාල් අමරසිංහ නමැත්තාව ඊයේ (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    සැකකරු විසින් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ දළදා වහන්සේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් නිසා බෞද්ධ සමාජය තුළ දැඩි කැලඹීමක් හටගෙන තිබෙන බව පෙන්වාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද දෙපාර්ශ්වයක් අතර යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සඳහන් කළේය.

    මෙම ප්‍රකාශය තුළින් බරපතළ වරදක් සිදුකර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමක් සිදුකර ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මල්වතු අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන්වහන්සේලා සහ දියවඩන නිලමේවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට සූදානම්වී සිටින බවත් පවසා තිබේ.

    මෙම සැකකරුට විදේශ රටවලින් ද මුදල් ලැබී තිබෙන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ පිළිබඳව ත්‍රස්තවාදීන්ට මුදල් ආධාර සැපයීමට එරෙහි පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බවත් සඳහන් කර ඇත.

    සැකකරු සිදු කළ එම ප්‍රකාශය හරහා බෞද්ධ ප්‍රජාව අතර විශාල කැලඹීමක් හටගෙන තිබෙන හෙයින් මෙම සැකකරු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවේදී සැකකාර සේපාල් අමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් වීඩියෝ දහසකට අධික සංඛ්‍යාවක් සමාජගත කර ඇතැයි සඳහන් කළේය.

    එම වීඩියෝ තුළින් ඔහු නිර්මල බුදුදහම මිත්‍යා මතවලින් ආරක්ෂා කරගැනීම සඳහා සෑම අවස්ථාවකම පෙනී සිට ඇතැයි ද සඳහන් කළ නීතිඥවරයා බුදුදහමට අපහාස කිරීමේ චේතනාවක් ඔහු තුළ නොමැති බවත් පෙන්වා දුනි.

    වර්තමානයේ රට තුළ නිර්මාණය වී තිබෙන ආර්ථික අර්බුදය යටපත් කිරීම සඳහා ආණ්ඩුව දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට සූදානම් වන බවත් එවැනි කටයුතුවලින් ආර්ථික අර්බුදය යටපත් කිරීමට නොහැකි බව පෙන්වා දෙමින් තම සේවාදායකයා ප්‍රශ්න ගත ප්‍රකාශය සිදු කළ බව කී නීතිඥවරයා බුදුදහම මිත්‍යා මතවලින් ගලවා ගැනීම සඳහා ඔහු එම ප්‍රකාශය සිදු කළ බවත් සඳහන් කර තිබුණි.

    තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දේශපාලන පළිගැනීමක් සිදු කිරීමේ චේතනාවෙන් බවද මෙම නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුනි.

    එහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකාර සේපාල් අමරසිංහ මහතා අමතමින් දළදා වහන්සේ යනු ශ්‍රද්ධාවන්ත බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ බව සඳහන් කළාය.

    එමනිසා මෙවැනි ප්‍රකාශ සිදු කිරීමේදී වඩා පරිස්සම් වන ලෙසත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකරුට අවවාද කළාය.

    කෙසේවෙතත් සැකකරු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම ඉවත දැමූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.