Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ට විශේෂ දැනුම්දීමක්
    Featured

    මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ට විශේෂ දැනුම්දීමක්

    By LFNJanuary 6, 2023No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ආයතන 20ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ.

    තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ද අදින් ආරම්භ විය.

    එම අයදුම්පත් භාර ගැනීම මේ මස 23 වනදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන්වීමට නියමිත අතර එම දිනය කිසිසේත්ම දීර්ඝ කිරීමක් සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාර ගැනීම ආරම්භ වු ඊයේ දිනය තුළදීම බණ්ඩාරවෙල මහ නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් විසින් ඇප මුදල් තැන්පත් කර තිබුණි.

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (05) ආරම්භ කළේ කළුතර දිස්ත්‍රික්කයෙනි.

    මේ අතර දේශපාලන පක්ෂයක් හා ස්වාධීන කණ්ඩායම් තුනක් මේවන විට පළාත් පාලන ආයතන 20 ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

    බදුල්ල, කළුතර හා මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

    මේ අතර ඊයේ දිනයෙන් ආරම්භ වු ඡන්ද විමසීමේ කාලසීමාව තුළ දේශපාලන පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමට හේතුවන නැතහොත් වෙනත් පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂකයින් අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීමෙන් වැළකිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්කවල රජයේ නිලධාරීන්, සේවකයින්, බඳවා ගැනීම් , උසස් කිරීම් හා මාරු කිරීම් යන කරුණු සීමාකළ යුතු බව ද අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රමුඛ සියලු නිලධාරීන්ට කොමිෂන් සභාව දැනුම්දෙයි.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය , නිදහස ජනතා සභාව හා මහජන පක්ෂය ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියේය.

    එසේම පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට ඇති බලයට ආණ්ඩුව කිසිදු බාධාවක් සිදුනොකරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස්…

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026

    මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

    August 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.