Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සියලුම ඉන්ධන සඳහා පැවති බදු ඉහළ ට
    Featured

    සියලුම ඉන්ධන සඳහා පැවති බදු ඉහළ ට

    By LFNJanuary 4, 2023No Comments1 Min Read238 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්ධන සඳහා පවතින බදු අනුපාත ද ඉහළ නැංවීමට යෝජනා වී තිබේ.

    ඒ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට පවතින අමෙරිකානු ඩොලර් මිලියන 2,758ක ණය මුදල මුල්‍යනය කිරීම සඳහා වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදනයෙන් 0.3%ක ආදායමක් උපයා ගැනීම සඳහා ඊට අදාළ මුදල් පනත පාර්ලිමේන්තුව සම්මත කරන තුරුය.

    ඒ අනුව සියලුම ඉන්ධන සඳහා පැවති බදු ඉහළ නංවා ඇති අතර සෑම ඉන්ධන ලීටරයකටම රුපියල් 25ක බද්දක් එක් කර තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක් සඳහා පැවති නිෂ්පාදන බද්ද රුපියල් 27 සිට රුපියල් 52 ක් දක්වා ඉහළ නංවා ඇත.

    එමෙන්ම වෙනත් වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා ද පැවති රුපියල් 27ක බද්ද රුපියල් 52 දක්වා ඉහළ නැංවා ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

    සුපර් ඩීසල් ලීටරයක් සඳහා පැවති රුපියල් 13ක නිෂ්පාදන බද්ද රුපියල් 38 දක්වා ඉහළ නංවා ඇති අතර වෙනත් ඩීසල් ලීටරයක් සඳහා පැවති රුපියල් 6ක නිෂ්පාදනය බද්ද රුපියල් 31 දක්වාත් ඉහළ නංවා තිබේ.

    එමෙන්ම වෙනත් ඉන්ධන වර්ග ලීටරයක් සඳහා රුපියල් 13ක බද්ද රුපියල් 38 දක්වා ඉහළ නංවන බවද ගැසට් නිවේදනයේ සඳහන් ය.

    කෙසේ වෙතත් මෙම බදු අනුපාත සැලකිල්ලට ගෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ගණන් සංශෝධනය කිරීම, ඉන්ධන මිල සුත්‍රයට අනුව සිදු කරන බවයි මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202606 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.