Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වීඅයිපී සමාජවාදීන්ට රට ගොඩනගන සැලැස්මක් නෑ
    Featured

    වීඅයිපී සමාජවාදීන්ට රට ගොඩනගන සැලැස්මක් නෑ

    By LFNJanuary 4, 2023No Comments2 Mins Read223 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ නායකයන්ට මත් රකුසා පිළිබඳ තීන්දු තීරණ ගැනීමට කොන්දක් නොමැති බැවින් ගුරුවරුන් සහ දෙමවුපියන් එක්ව පාසල්වලින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ‘සක්වල’ වැඩසටහනේ 58වැනි බස්රථය ඊයේ (03දා) මොරටුව පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විද්‍යාලයට ලබාදීමට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

    “අපේ රට අදූරදර්ශී බොරුකාර, වංචාකාර, හොර දේශපාලන නායකත්වය නිසා මුළු රටම වැටිලා තිබෙනවා. අපේ රටෙත් බොරු රැළි නිර්මාණය වෙනවනේ. බොරු රැළිවලට ගිහින් අද ඡන්දය දුන්න අයයි, නැති අයයි ඇතුළු ලක්‍ෂ 220ම මහා ප්‍රපාතයකට ඇදවැටිලා.

    දැන්වත් හිතන්න ඕන සත්‍ය කරා යන්න. ඇත්ත අවබෝධ කර ගන්න. කාටද මේ රටේ ආර්ථිකට කළමනාකරණට කරන්න පුළුවන්? කාටද මිනිස්සුන්ට දුකක් දෙන්නේ නැතිව මේ බංකොලොත්භාවයෙන් ගොඩ එන්න පුළුවන්? අපි අවංකව කියනවා අපට ඒ හැකියාව තිබෙනවා.

    මම කනගාටු වෙනවා වී.අයි.පී. සමාජවාදීන්ට රට ගොඩනගන සැලැස්මක් නෑ. අපි ළඟ තිබෙනවා සැලැස්ම. අපට ඕන ශ්‍රී ලංකා ෆස්ට් කරන්න. ලෝකයේ දක්‍ෂතම පුරවැසියන් අපේ රටේ පුරවැසියන්. ලෝකයේ දක්‍ෂතම දරු පරපුර අපේ රටේ දරු පරපුර. අපි දක්‍ෂ නිසා තමයි තිස් අවුරුදු යුද්ධයක් අවසන් කළේ.

    දෙමවුපියෝ ඇතුළු සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා කරුණාකරලා සියලු දෙනාම සන්නද්ධ වෙන්න පාසල්වලින් කුඩු තුරන් කරන්න ඕන, මත්ද්‍රව්‍ය තුරන් කරන්න ඕන. මේ රට බිළිගන්න මත් රකුසා මේ තරුණ අහිංසක ජීවිත බිළිගැනීමේ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

    මේ රටේ නායකයන්ට මත් රකුසා පිළිබඳ තීන්දු තීරණ ගන්න කොන්දක් නෑ. සිංගප්පූරුව මත්ද්‍රව්‍ය ජාවරම්කරුන්ට දෙන විසඳුම තමයි ලෝකයේ හොඳම විසඳුම. ඒ විසඳුම අපේ රජයක් යටතේ අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.