Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් අමානුෂික ඝාතන දෙකක්
    Featured

    තවත් අමානුෂික ඝාතන දෙකක්

    By LFNJanuary 3, 2023No Comments2 Mins Read241 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිරිහාන පොලිස් වසමේ ගංගොඩවිල සහ තිනියාවල මහවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් හා තරුණයෙක් අමානුෂික ලෙස ඝාතනයට ලක්ව තිබේ.

    තිනියාවල මහවත්ත ප්‍රදේශයේදී සැමියා විසින් සිය බිරිද ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

    පොලීසිය සඳහන් කළේ, පසුගිය මස 30 වන දින අනියම් සම්බන්ධතාවක් මත ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට පහරදීමක් සිදුකර ඇති අතර අනතුරුව ඇය ප්‍රතිකාර සඳහා හිනිදුම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ඇයගේ මවගේ නිවසට ගොස් ඇති බවය.

    අනතුරුව ඊයේ රාත්‍රී සැමියා මහවත්ත ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ මවගේ නිවසට ගොස් නිවැසියන් බිය ගන්වා පළවා හැර තියුණු ආයුධයකින් බිරිඳගේ ගෙල කපා මෙම ඝාතනය සිදුකර තිබේ.

    මියගොස් ඇත්තේ 33 හැවිරිදි හිනිදුම හිංගල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

    ඇයගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර තිබේ.

    ඝාතනය සිදුකළ 36 හැවිරිදි සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර තිනියාවල පොලීසිය විමර්ශන සිදුකරයි.

    මේ අතර, ගංගොඩවිල ප්‍රදේශයේ පිහිටි ගරාජයක් තුළ මොට ආයුධයකින් පහර දී තරුණයෙක්ව ඝාතනය කර තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 23ක් වූ ගිරිබාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ජනවාරි 1 වනදා රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එහිදී බහින් බස්වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකු මොට ආයුධයකින් පහර දී ඝාතනය සිදුකර ඇත.

    මියගිය පුද්ගලයා හා පහරදුන් පුද්ගලයා එම ගරාජයේ සේවකයින් බවත් ඔවුන් ගරාජයේ නැවතී වැඩකරන අය බවත් අනාවරණය වී තිබේ.

    ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් 65 හැවිරිදි දෙණියාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,445 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 202604 Views

    රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කටාන, කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.