Close Menu
Lanka Focus News
    What's Hot

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනමත විචාරණයකින් තොරව මැතිවරණය කල්දාන්න බෑ – ජී එල්
    Featured

    ජනමත විචාරණයකින් තොරව මැතිවරණය කල්දාන්න බෑ – ජී එල්

    By LFNJanuary 3, 2023No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනමත විචාරණයකට යාමෙන් තොරව පළාත් පාලන ඡන්දය කල් දැමීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    අද (02) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ අනිවාර්යයෙන්ම ලබාදී ඇති දින වකවානු අනුව මැතිවරණය පැවැත්විය යුතු බවය.

    “මාර්තු 30 වැනිදාට පෙර රට පුරා පළාත් පාලන ආයතන 340 ම ස්ථාපිත වෙලා අවසාන වෙන්න ඕනේ. එසේ කිරීමට නම් මේ මැතිවරණය පවත්වන්නට ඕනේ පෙබරවාරි අන්තිම හෝ මාර්තු මාසේ මුල. ශ්‍රේෂ්ඨාධිකරණ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා මැතිවරණය කල් දැමීමට නම් ජනමත විචාරණයක් පවත්වන්න ඕනේ කියලා. ජනමත විචාරණයක් පවත්වන්නේ නැතිව පාර්ලිමේන්තු යෝජනාවක් හරහා මැතිවරණය කල්දැමීමට කිසිසේත් පුළුවන්කමක් නෑ. අනිවාර්යයෙන් මේ දිනවකවානු අනුව මේ මැතිවරණය පවත්වන්න ඕනේ.”

    මේ අතර, අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එළඹෙන 05 වැනිදා මැතිවරණ කොමිසම විසින් මැතිවරණය ගැසට් කරන බවට වාර්තා වී ඇති බවය.

    කෙසේ වෙතත් ආණ්ඩු විසින් මැතිවරණය කල්මට උත්සහ කළහොත් එය පරාජය කිරීමට කටයුතු කරන බවද දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    “ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සෑම ආසනයකම අපේක්ෂකයින් තෝරාගැනීමේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් තරගකළ යුතුයි කියන ඉල්ලීම මධ්‍යම කාරක සභාවේ ඉල්ලීමක් ලෙස තිබෙනවා. අනෙකුත් දිස්ත්‍රික්කවල දී අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ජනතා සන්ධානය හරහා නාම යෝජනා ඉදිරිපත් කරන්න. අපි බලනවා ලංකාවේ තිබෙන වාමාංශික ප්‍රගතිශීලි බලවේග සියල්ලම එකට එකතු කරගන්න. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිතුමාගේ ඒ කණ්ඩායම සමගත් උත්තර ලංකා සභාව සමගත් අපි සාකච්ඡා කරලා තිබෙනවා. අවසන් සාකච්ඡාව ඉදිරි දින කිහිපයේ දී අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. 05 වැනිදා මැතිවරණ කොමිසම විසින් මැතිවරණය ගැසට් කරනවා කියන ආරංචිය තිබෙනවා. හැබැයි 5 වැනිදා තමයි පාර්ලිමේන්තුව රැස් වෙන්නේ. පාර්ලිමේන්තුව තුළ යම් විදියකට යෝජනාවක් ගෙනැල්ලා මැතිවරණය කල් දැමීමේ වැඩපිලිවෙලකුත් අත්දකිමින් ඉන්නවා. එය පරාජය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ කරගෙන යනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 202607 Views

    බස්නාහිර, සබරගමුව,  වයඹ සහ උතුරු පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.