Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්
    Hot News

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

    By LFNJanuary 2, 2023No Comments2 Mins Read220 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අද (02) දිනයේදී අවලංගු විය හැකි බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

    සමස්ත කාර්ය මණ්ඩලයෙන් 500කට ආසන්න පිරිසක් (31) සිට විශ්‍රාම ගැන්වීමත් සමග ඇතිවූ සේවක පුරප්පාඩුව එම තත්ත්වයට හේතු වී තිබේ.

    ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා,

    “ඊයේ දුම්රිය ගමන්වාර 44ක් අවලංගු වීමට නියමිත වුණා. මේ මොහොත වන විට ගමන්වාර 7ක් පමණ අවලංගුවීම් සිද්ධවෙලා තියෙනවා. ඒක දෙගුණ තෙගුණ වෙන්න ඉඩ තියෙනවා. හෙට දිනයේදී මේක 60ක් 70ක් වෙන්න පුළුවන් එහෙම වුණොත් දුවන දුම්රියන්ට ධාරිතාවය දරන්න බැරි වෙයි. මගීන් ගැටුම් ඇති කරයි දුම්රිය ස්ථානවලට ඇවිල්ලා. මාසේ මුල්ම දවසේ.. අවුරුද්දේ මුල්ම දවසේ මේ තත්ත්වය උදාවෙනවා කියන එක නිෂ්චිතවම අපිට කියන්න පුළුවන්. කාර්යාලවලට යන මගීන්ට දැඩි බලපෑමක් සිද්ධ වෙනවා. විශ්‍රාම ගැන්වුණ සේවකයින්ට අවශ්‍ය විදිහට කොන්ත්‍රාත් පදනම මත සේවා ලබාදීමත් මේ වෙනකොට ඉටුවේලා නැහැ. ඒ වගේම දිගින් දිගටම මේ බඳවාගැනීම් පිළිබඳව දැනුම්දුන්නා. ඒවා හරියට ක්‍රියානොකරපු එකෙන් අවුරුදු එක හමාරක් අනුමැතියකින් තොරව වැඩකරපු සේවකයින් 4දෙනෙකුට ඔවුන්ගේ ගෙවීමත් නොකර ඔවුන්ව ඉවත්කරලා දාන්නට මේ ‌දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය මඟහරින්න නව දුම්රිය ස්ථානාධිපතිවරු බඳවාගත්තත් තනතුරු අනුමත කිරීම 2013න් පස්සේ සිදුවෙලා නැහැ. මේ හේතුවඋඩ මාතර සිට බෙලිඅත්ත දුම්රිය ස්ථාක ඉදිරි කාලසීමාවේදී අපිට වසාදමන්න සිදුවෙනවා. මේකට ඉදිරි සතියේදී නිවැරදි විසඳුමක් නැතිනම් අපි 09 වනදා වන විට මේ සමස්ත දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ කඩාවැටීමට එරෙහිව සියලු කාරණා මුල්කරගෙන අනිවාර්යෙන්ම වැඩවර්ජනයකට යනවා කියන එක මේ මොහොතේදී දැනුම්දෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 202601 Views

    ලොව පුරා ඉහළ පිළිගැනීමක් ඇති චරිතයක් වන ‘හෙලෝ කිටී’ මෙම මස 19 දින මෙරටට පැමිණ…

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.