Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    June 14, 2026

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක්

    June 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ණය අර්බුදයට විසඳුම් දීමට දැඩි පරිශ්‍රමයක් දරනවා – IMF ප්‍රධානී කියයි
    Featured

    ණය අර්බුදයට විසඳුම් දීමට දැඩි පරිශ්‍රමයක් දරනවා – IMF ප්‍රධානී කියයි

    By LFNJanuary 2, 2023No Comments1 Min Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණදෙන රටවලට විසඳුමක් ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියේවා මහත්මිය පවසන්නීය.

    අමෙරිකානු CBS රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

    ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන පරිදි අඩුආදායම්ලාභී රටවල් රැසක් ණය අර්බුදයට මුහුණදීම ගෝලීය මූල්‍ය අර්බුදයට කොතරම් දුරට බලපෑමක් ඇති කරාවිද ?

    ක්‍රිස්ටලිනා ජෝජියේවා,

    “මේ වනතුරු මෙම රටවල් මුහුණදෙන ණය අර්බුදය ගෝලීය අර්බුදයක් නිර්මාණය කිරීමට තරම් කැපී පෙනෙන මට්ටමට පැමිණ නැහැ. ඉතින් ඒ රටවල් මොනවාද යන්න විමසා බැලුවොත් චැඩ්, ඉතියෝපියාව, සැම්බියාව, ඝානාව, ලෙබනනය, සුරිනාම් සහ ශ්‍රී ලංකාව මෙලෙස දැඩි ණය අර්බුදයකට මුහුණ දෙනවා. එම රටවල ජනතාවට අපට කිවහැක්කේ, අප ඒ සඳහා විසඳුම් සොයන බවයි. කෙසේනමුත් එය ගෝලීයව පැතිරීමේ තත්ත්වයක් දැනට දක්නට නැහැ. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවලින් 25%ක් පමණ මෙලෙස ණය අර්බුද කරා යොමුවන බව පෙනෙන්නේ. මේ විදියට මෙම රටවල් ලැයිස්තුව වර්ධනය වුවහොත් එය ගෝලීය අර්බුදයක් බවට පත්වීමේ අවදානමක් පවතිනවා. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය අර්බුදයට විසඳුමක් ගෙන ඒම සඳහා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන්නේ. ඒ සඳහා අපි පැරිස් සමාජය වැනි සාම්ප්‍රදායික ණයහිමියන් සමග වගේම චීනය, ඉන්දියාව, සෞදි අරාබිය වැනි සාම්ප්‍රදායික නොවන ණය හිමියන් සමග ද කටයුතු කරනවා. ඔවුන්ට අපේ පණිවුඩය සරලයි. ඒ ඊට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදිය යුතු බවයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    June 14, 2026

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක්

    June 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 202605 Views

    බදුගෙවන්නා හදුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය තවත් පුද්ගලයින් ලක්ෂ 04ක පමණ පිරිසක් ලබාගෙන නොමැති…

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    June 14, 2026

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක්

    June 14, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.