Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»මව දරුවා නිදි කරවන්න 119 කෝල් කරලා
    Gossip

    මව දරුවා නිදි කරවන්න 119 කෝල් කරලා

    By LFNDecember 19, 2022No Comments2 Mins Read339 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තෙවන වසරේ දරුවාගෙන් පවුලේ අනෙක් අයට සහ තමන්ට හිරිහැර කරදර සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට මවක පැමිණිල්ලක් කළ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

    ලද පැමිණිල්ලට අනුව දඹුල්ල පොලිසියේ දෙදෙනකු රාත්‍රී නමයට පමණ කිලෝමීටර් පහළොවකට අධික දුර ප්‍රදේශයේ පිහිටි මෙම පැමිණිල්ල ලැබුණු නිවසට පිටත්ව ගොස් ඇත.

    පොලිස් නිලධාරීන් යතුරුපැදිය නවතා නළා ශබ්ද කොට විනාඩි කිහිපයක් යනතුරු එම නිවසේ කිසිවකුත් එළියට නොපැමිණි අතර පොලිස් නිලධාරීන් දෙදෙනා කතා කිරීමේදී දොර විවෘත කරගෙන කාන්තාවක් එළියට පැමිණ ඇත.

    දරුවකුගෙන් මව්පියන්ට කරදර සිදුවන සිද්ධිය ගැන සිදුකළ පැමිණිල්ල විභාගයට පැමිණි බව නිවසෙන් එලියට පැමිණි කාන්තාවට පොලිස් නිලධාරින් දන්වා ඇත .

    ” අපෝ දැන් හොදටම පරක්කුයි දැන් එයා නිදි ,මම පොලිසියට කතා කලේ හතට විතර දැන් නමයටත් ළගයිනෙ .”කාන්තාවගේ පිළිතුර වී තිබේ ,

    මෙම අරුම පුදුම ප්‍රකාශය ගැන මව ගෙන් පොලිසිය තවදුරටත් ප්‍රශ්න කරන්නට වූයේ මාව කියන දේ හිතාගැනීමට නොහැකි වූ නිසාවෙනි.

    පසුව මෙම මව පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ තම දරුවා තුන්වැනි වසරේ ඉගෙන ගන්නා බවත් රාත්‍රියේ කලින් නින්දට යන ලෙස දැනුවත් කළද ඔහු නිදා නොගෙන වීවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බවත් අනෙක් දරුවන්ට නිදාගැනීමට නොදී උසුළු විසුළු කරන බවත් මව සහ පියාට ද නිදාගැනීමට නොදී කරදර කරන බව ප්‍රකාශ කොට තිබේ.

    මෙම නිවසට පොලිසියෙන් යන විටත් රාත්‍රී නමය ආසන්න වී තිබුණු නිසා මෙම දරුවාට නිදා ගැනීමට පවරා ඇත්තේ රාත්‍රී කුමන වේලාවටද පොලිසිය විමසා තිබේ.

    එහිදී මව ප්‍රකාශ කොට ඇත්තේ සවස හයයි තිහට පමණ දරුවන් නිදා ගත යුතු බවය . කලින් ආහාර පිස ඔවුන්ට ලබාදී නිදිකර කරවීම සිදු කරන බවත් 3 වසරේ දරුවා ඊට අවනත නොවීම නිසා ඔහු නිදි ගැන්වීම්ට පොලිස් නිලධාරීන් ගෙන්වා බිය ගැන්වීමට තමන් මෙම දුරකථන ඇමතුම ලබාදුන් බවද ඇය පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

    මෙම මවට දැඩි ලෙස අවවාද කළ පොලීසිය මෙවැනි සුළු සිද්ධීන්වලදී පොලීසියේ කාලය මෙන්ම පොදු මහජනතාවගේ මුදල් මෙයාකාරයෙන් වියදම් වන බවත් මින් ඉදිරියට මෙවැනි දේ සිදු නොකරන ලෙස අවවාද කර පොලිස් නිලධාරීන් දෙදෙනා නැවත පිටව ගොස් තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,460 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 202602 Views

    ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට…

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.