Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනවරමක් නැති ආණ්ඩුවක ඇමතිකම් ගන්නේ නෑ
    Featured

    ජනවරමක් නැති ආණ්ඩුවක ඇමතිකම් ගන්නේ නෑ

    By LFNDecember 19, 2022No Comments1 Min Read294 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ලබාගැනීමේ බලාපොරොත්තුවක් තමාට නැතැයි 43වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    තමන් බාල දේශපාලනය කරන්නේ නැතැයි කී මන්ත්‍රීවරයා මෙම ආණ්ඩුව යටතේ ඇමතිකම් ගැනීමේ හෝ රාජ්‍ය බලයට සම්බන්ධවීමේ සූදානමක් නැතැයි ද කීවේය.

    ශ්‍රී ලංකා දේශපාලනයට අවශ්‍ය පුළුල් බලගතු නව දේශපාලන සම්ප්‍රදාය ගොඩනගා ගැනීම වෙනුවෙන් තමන් කැප වන බව කී රණවක මහතා මේ අවස්ථාවේ රටට අවශ්‍ය තරුණ පරම්පරාව මුල් කරගත් නව දේශපාලන බලවේගයක් බව ද කීවේය.

    ඔහු මේ බව පැවසුවේ මහනුවර දී ඊයේ (18) පැවති හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

    විවිධ කණ්ඩායම් සන්ධානගත වීම හොඳ දෙයක් වන නමුත් මේ අවස්ථාවේ රටට අවශ්‍ය විකල්පයක් බව කී මන්ත්‍රීවරයා අරගලයෙන් සහ රට අද මුහුණ පා ඇති බංකොලොත්භාවයෙන් පෙන්වා ඇත්තේ රටේ දේශපාලන වශයෙන් වෙනසක් ඇති කිරීමට තරුණ පරම්පරාව මුල් කරගත්ත දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බව යැයි ද සඳහන් කළේය.

    පොලිස් රාජ්‍යය හා මර්දනය නවත්වා ඕනම අයකුට ඉදිරිපත් විය හැකි පරිදි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පවත්වන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද පාඨලී චම්පික මහතා පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල සාර්ථක අසාර්ථකභාවය තාමත් පැහැදිලි නොමැති බැවින් එය ලැබුණත් නැතත් රට ඉදිරියට ගෙනයෑමේ වැඩපිළිවෙළක් සකස් කරගත යුතු බව ද හෙතෙම කීවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 202606 Views

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ…

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.