Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිරිපුන් සංවිධානය රට ගොඩනගන සැලැස්ම එළිදක්වයි
    Featured

    පිරිපුන් සංවිධානය රට ගොඩනගන සැලැස්ම එළිදක්වයි

    By LFNDecember 18, 2022No Comments2 Mins Read69 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට ගොඩනැගීම සඳහා තම සංවිධානය තුළ විධිමත් සැලැස්මක් ඇති බව පිරිපුන් දේශයක් සංවිධානය පවයි.

    පසුගිය සිය ජාතික වැඩසටහන ජනගත කරමින් එම සංවිධානය පෙන්වා දුන්නේ, වසරක් තුළ රටේ සිදුවන සොරකම් නතර කිරීමට සැලසුමක් ඇති බවය.

    ශ්‍රී ලංකාව දිනෙන් දින ආර්ථික වශයෙන් පරිහානියට පත්වෙමින් පවතින බව හඳුනාගත් ” පිරිපුන් දේශයක් ” සංවිධානය 2020 වසරේ සිට රටට උපායමාර්ගික සැළසුමක අවශ්‍යතාව පිළිබඳව කතිකාවතක් ආරම්භ කළේය.

    එය ස්වේච්ඡාවෙන් එක්වූ විද්වතුන් පිරිසකගෙන් සමන්විතය.

    ගොඩනගන ලද සැලසුම් එකතු කරමින්, ජාතික උපායමාර්ගික සැලසුමක ආකෘතිය ජනගත කිරීමේ ජාතික වැඩසටහනක් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විය.

    එහිදී අදහස් දැක්වූ පිරිපුන් දේශයක් සංවිධානයේ සභාපති ඉංජිනේරු ආනන්ද දේව සිංහ මහතා,

    “මේ රට ගොඩගන්න පුලුවන් තාමත් රට ගොඩ ගත් හැකි පිරිසක් ඉන්නවා. ගොඩ ගන්න විදිය අපි කියනවා. සියලු දේශපාලන පක්ෂ වලට අපි ආරාධනා කළේ ඇවිල්ලා මේක ඉගෙනගෙන අපි එක්ක ගමනක් යමු කියලා. ලංකාවය අවශ්‍යයි උපාය මාර්ගික සැලැස්මක්, දෙවැනි එක නායකත්වයක් අවශ්‍යයි, තුන්වැනි එක තමයි නායකයා. නායකයෝ සොයන්න ඕන නැහැ. බිහිවෙයි. නායකයා කියන්නේ තුන්වැනි කරුණ. මේක හදන්නේ නැතුව කවුරුහරි බලයට එන්න හදනවානම්, හබලක් නැති ඔරු පදවන්නෙක් සහ ඔහු අතර වෙනසක් නැහැ. හොඳ අවංක නායකයෙක් ගේන්න ඕන. අවංකකමත් අවශ්‍යයි පිරිසිදුකමත් අවශ්‍යයි. හැබැයි නායකත්ව ගුණාංග දන්නේ නැත්නම් කළමනාකරණ ක්‍රමවේදය දන්නේ නැතිනම් එයාට රටක් පාලනය කරන්න බැහැ. සෑම අමාත්‍යංශයකම දායකත්වය ඕන. ඒ තුළ රට ඉදිරියට යනවා. අපි හොරු ගැන කතා කරන්නේ නෑ. හොරුන්ට යන්න බැරිවෙන්න ක්‍රමවේදය හදනවා. උදාහරණයක් QR කේතය. අවුරුද්දක් තුළ හොර වංචා නතර කරන්නම්. 2025න් පටන් ගන්න නම් 2023 අධ්‍යාපනය හදන්න. 2023 2024 කියන්නේ හෝම් වර්ක්. එක ඉවරවෙලා හරියටම 2025න් පටන් ගන්න 2040 දී අපි අරමුණට යනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.