Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වළක්වාගත හැකි මරණ ඉහළයෑමේ අවදානමක් ?
    Featured

    වළක්වාගත හැකි මරණ ඉහළයෑමේ අවදානමක් ?

    By LFNDecember 17, 2022No Comments2 Mins Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ පවතින ඖෂධ හිඟය තවදුරටත් පැවතියහොත් වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාහැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ ඇස්ප්‍රින් ඖෂධය පවා නොමැතිවීම හේතුවෙන් බෝ නොවන රෝගීන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් මතුවී ඇති බවය.

    “ඇස්ප්‍රින් ඖෂධය දැන් මාස 4ක සිට නැහැ. රුධිරය කැටිගැසීම අඩු කරන්න තමයි අපි මේ ඖෂධය භාවිත කරන්නේ. හෘද රෝගීන්ට, අංශභාගය සහිත රෝගීන්ට, දියවැඩියාව වැනි රෝගීන්ට මෙම ඖෂධය භාවිත කරනවා. ඇස්ප්‍රින් නැතිවුණාට පස්සේ මෙවැනි රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වෙලා… විශේෂයෙන්ම බෝ නොවන රෝගීන්.”

    “ඒ වගේම වකුගඩු රෝගයට මාසිකව භාවිත කරන ඖෂධයකුත් මාස ගාණක් තිස්සේ සමහර තැන්වල නැහැ.”

    “අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය නැති තත්ත්වයන් ද වාර්තා වෙනවා. සම්පූර්ණ රුධිර පරීක්ෂණ වැනි මූලික දෙයක්වත් කරගන්න බැරි තත්ත්වයකට පත්වෙලා.”

    “සමහර තැන්වල ප්ලාස්ටර්වත් නැහැ. ඉතා බරපතළ තත්ත්වයක්. මේ නිසා රෝගීන්ට ප්‍රතිකාර කරන්න බැරි වෙලා.. මේ නිසා ඉදිරියේදී මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. අපි දිගින් දිගටම මේ ගැන පැහැදිලි කළා. ආණ්ඩුව මැදිහත්වෙන ආකාරය ප්‍රමාණවත් නැහැ.”

    “අපේ රටේ ලක්ෂ 30ක් විතර ඉන්නවා.. බෝ නොවන රෝගීන්. ඔවුන් ශ්‍රම බළකායේ පිරිස්. ඔවුන්ගේ රෝග තත්ත්වයන් පාලනය නොවුණොත් ඔවුන්ට වැඩ කරගන්න බැරි වෙනවා. මේ තත්ත්වය ආණ්ඩුව හිතනවාට වඩා බරපතළයි.”

    “ඒ වගේම අද වෙළෙඳපොලේ තිබෙනවා අනවශ්‍ය විටමින් වර්ග විශාල ප්‍රමාණයක්. ඒ සම්බන්ධයෙනුත් ආණ්ඩුව තීරණයක් ගන්න ඕනේ. ඖෂධ නොවන අත්‍යව්‍යශ නොවන ද්‍රව්‍ය ගැනත් මේ වෙලාවේ තීරණයක් ගන්න ඕනේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.