Close Menu
Lanka Focus News
    What's Hot

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාඩු ලබන ආයතනවල ආර්ථිකය හරි යනතුරු වැඩිපඩි බෝනස් නෑ
    Featured

    පාඩු ලබන ආයතනවල ආර්ථිකය හරි යනතුරු වැඩිපඩි බෝනස් නෑ

    By LFNDecember 16, 2022No Comments2 Mins Read223 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ආර්ථිකය නැවත තිබූ තත්වයට පත් වන තෙක් සහ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබෙන තෙක් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයන්ට හෝ රාජ්‍ය සේවකයන්ට අතිකාල දීමනා, පඩි වැඩිවීම්, ප්‍රසාද දීමනා ලබා නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත.

    පසුගියදා පැවති තැපැල් සේවකයන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳ අදහස් දක්වමින් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

    තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් 6 න් 3ක්ම තිබෙන්නේ අතිකාල දීමනා සහ පඩි වැඩිවීම් ගැන බව එහිදී ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත.

    රට අර්බුදයකට මුහුණ පා තිබෙන මේ අවස්ථාවේ ඔවුන්ගේ ඉල්ලීම් කිසිසේත් ලබා දිය නොහැකි බවත් මිලියන ගණනක ජනතාවක් තම මූලික අවශ්‍යතා සපුරාගැනීමට නොහැකිව අසරණ වී සිටින මෙම අවස්ථාවේ තැපැල් සේවකයන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සාධාරණ නොවන බවත් ගුණවර්ධන මහතා පවසා ඇත.

    තැපැල් සේවය පැරණිතම මහජන සේවාවලින් එකක් වන අතර භාණ්ඩාගාරයේ මූල්‍ය සහායෙන් ක්‍රියාත්මක වේ. 2021 වසරේ තැපැල් දෙපාර්තමේන්තුවේ අදායම රුපියල් කෝටි 490ක් වනවිට තැපැල් සේවකයන්ගේ වැටුප් සහ අතිකාල දීමනා සඳහා රුපියල් කෝටි 740 ක් වැය කර ඇති බවද ඔහු ප්‍රකාශ කර ඇත.

    එසේම 2018 වසරේ තැපැල් සේවකයන්ගේ වැටුප් සහ අතිකාල දීමනා සඳහා රුපියල් කෝටි 1170ක් වැය කර ඇති බවත් එම වසරේ අදායමට සාපේක්ෂව එය සියයට 165 ක් බවත් ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත.

    ලියුමක් තැපැල් කිරීමට මුද්දර ගාස්තු රුපියල් 15 සිට 50 දක්වා වැඩි කිරීම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ අදායම රුපියල් කෝටි 200කින් වැඩි වුවත් එය ප්‍රමාණවත් නොවන බවත් මෙවන් අවස්ථාවක තැපැල් සේවකයන්ගෙන් අතිකාල පැය ගණන 80 සිට 240 දක්වා වැඩි කිරීමට ඉල්ලීම සාධාරණදැයි රටේ ජනතාව තීරණය කළ යුතු බවත් ඔහු පවසා ඇත.

    අතිකාල පැය ගණන 240 ක් දක්වා වැඩි කිරීමට ප්‍රමාණවත් පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ අදායම වැඩි කර ගත හැකි ක්‍රමයක් වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ නම් එවිට තමන් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට කැමති බවද ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 202605 Views

    ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි…

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.