Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද සිට සපුගස්කන්ද ගිනි සිළුව යළි දැල්වේ
    Featured

    අද සිට සපුගස්කන්ද ගිනි සිළුව යළි දැල්වේ

    By LFNDecember 16, 2022No Comments1 Min Read218 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    ආනයනික බොරතෙල් නොමැතිවීම මත පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණි.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර ඊට අවශ්‍ය ගෙවීම් මේ වන විට සිදුකර අවසන් බවය.

    එමෙන්ම පිරිපහදුවේ ටැංකි සංකීර්ණය වෙත අදාළ බොරතෙල් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබේ.

    ඉදිරියේ දී පිරිපහදු නිෂ්පාදන කටයුතු ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් ආනයනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇති බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේය.

    ඒ අනුව පූර්ණ ධාරිතාවයෙන් යුතු පරිපහදු නිෂ්පාදන ක්‍රියාවලියෙන් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1600ක් ද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 550ක් ද භූමිතෙල් සහ ගුවන් තෙල් මෙට්‍රික් ටොන් 950ක් ද සහ දැවි තෙල් හා නැප්තා මෙට්‍රික් ටොන් 1450ක් සහ 450ක් වශයෙන් දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමේ හැකියාව පවතී.

    මේ අතර ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා සදහන් කළේ පිරිපහදුවේ කටයුතු පූර්ණ ධාරීතාවයකින් සිදුකිරීමට පියවර ගන්නා බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.