Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරමින් ගැසට් නිවේදනයක්
    Featured

    වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

    By LFNDecember 15, 2022No Comments2 Mins Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

    රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

    ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරී, රජයේ වෛද්‍ය නිලධාරී, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී, රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරී යන තනතුරුවල අනිවාර්යය විශ්‍රාම ගැනීමේ වයස් සීමාව සංශෝධනය කර තිබේ.

    එම සංශෝධනයට අනුව දැනටමත් වයස අවුරුදු 63 සම්පුර්ණ කර ඇති වෛද්‍යවරුන් ලබන දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම විශ්‍රාම ගැනීම සිදුකළ යුතුය.

    මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පුර්ණ වීමේ දී විශ්‍රාම ගත යුතු අතර මේ වන විට වයස අවුරුදු 61 සම්පුර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 62 සම්පුර්ණ වීමත් සමග විශ්‍රාම ගැන්විය යුතු වේ.

    අවුරුදු 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 61 සම්පුර්ණ වීමත් සමග විශ්‍රාම යා යුතු අතර වයස අවුරුදු 59 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන විට විශ්‍රාම ගැන්විය යුතු බවට නව සංශෝධනය මගින් ප්‍රකාශ කර ඇත.

    එසේ වුව ද ජනවාරි මස පළමු වැනි දින සිට ජුනි මස 30 වන දින දක්වා කාලසීමාව තුළ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ ජුනි මස 30 වන දින දක්වා සේවය කිරීමට අවස්ථාව හිමි වේ.

    ජුලි මස පළමු වැනි දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා කාලසීමාව තුළ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ දෙසැම්බර් 31 වන දින දක්වා සේවය කිරීමට අවස්ථාව හිමි වන බව වාර්තා වේ.

    මෙම සංශෝධනයන් ලබන වසරේ දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මේ අතර රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා ගෙන ඇති තීරණය විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණක් ජනවාරි මස 25 වන දින දක්වා ක්‍රියාත්මක කිරිම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (14) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

    විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් ගොනුකළ රීට් පෙත්සමක් සලකා බැලිමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026012 Views

    ‘ඉස්ලාමාබාද් සාම සංදේශය’ අත්සන් කිරීම හෙට (14) දිනයේදී සිදු නොවන බව ඉරානය පවසයි. එරට විදේශ…

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.