Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුමින්ද නාගමුව ඇතුළු අටකට සිතාසි
    Featured

    දුමින්ද නාගමුව ඇතුළු අටකට සිතාසි

    By LFNDecember 15, 2022No Comments1 Min Read187 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධිකරණ කටයුතු පැවැත්වෙමින් තිබියදී උසාවියේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක් පවත්වා අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලබන ජනවාරි මස 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ඇතුළු අට දෙනකුට අද සිතාසි නිකුත් කළේය.

    ඒ අනුව මෙලෙස සිතාසි නිකුත් වූයේ දුමින්ද නාගමුව, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, රත්කරව්වේ ජිනරතන හිමි, පොකුණුවිට පියසෝම හිමි, රංගන ශිල්පී ජොහාන් අප්පුහාමි, අමල් සාලින්ද, අංජන රොද්‍රිගූ සහ ප්‍රියන්තා මාලා ප්‍රනාන්දු යන අයවලුන් වෙතය.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධ නඩුව ඉකුත් 12 වැනිදා අධිකරණය හමුවේ විභාග වෙමින් තිබියදී මෙම අයවලුන් තවත් සිය දෙනකුගෙන් යුත් පිරිසක් ද සමග අධිකරණය ඉදිරිපිටට රැස්වී උද්ඝෝෂණයක් කර අධිකරණයට අපහාස වන අන්දමට හැසිරුණැයි කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.