Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොල්ලකරුවන් දෙදෙනෙක් මාංචු පිටින් පැන යයි
    Featured

    කොල්ලකරුවන් දෙදෙනෙක් මාංචු පිටින් පැන යයි

    By LFNDecember 15, 2022No Comments2 Mins Read275 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධිකරණයක් වෙත රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනෙකු අත් මාංචු පිටින් පැනගොස් තිබේ.

    පිළියන්දල පොලීසිය සඳහන් කළේ, කැස්බෑව අධිකරණය වෙත හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට රැගෙනවිත් සිටි “චුට්ටියා” සහ “චූටියා” නමැති කොල්ලකරුවන් දෙදෙනා එලෙස අත් මාංචු පිටින් පළාගොස් ඇති බවය.

    පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවි කුටියකින් රුපියල් 7,000 ක මුදලක් කොල්ලකෑම ඇතුළු කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනාව පිළියන්දල විශ්ව කලාව ප්‍රදේශයේ දී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා කැස්බෑව අධිකරණ භූමියේ පොලිස් මුරපොළේ කාමරයක රඳවා සිටියදී මෙලෙස පළාගොස් ඇත.

    කොල්ලකරුවන් රැගෙන ආ පොලිස් කොස්තාපල්වරයා රාජකාරි අවශ්‍යතාවයක් සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගිය අවස්ථාවේදී එහි සිටි සෙසු පොලිස් නිලධාරීන්ගේ ඇස් වසා කොල්ලකරුවන් දෙදෙනා පළාගොස් තිබූ බව පොලීසිය කියයි.

    එම කොස්තාපල්වරයා කොල්ලකරුවන් අසලින් ඉවත්වීමේදී ඔවුන් දෙදෙනා බලාගන්නා ලෙස එහි සිටි සෙසු පොලිස් නිලධාරීන්ට දැනුම්දී තිබූ බවද වාර්තා වෙයි.

    දමා තිබූ අත් මංචු පිටතට නොපෙනෙන ලෙස ඔහුන් ආවරණය කර තිබූ රෙද්දෙන් වසාගෙන ප්‍රධාන ගේට්ටුවෙන් හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී ත්‍රීරෝද රථයක නැඟ සැකකරුවන් දෙදෙනා පළාගොස් ඇති බවට පැවසෙයි.

    කොල්ලකරුවන් දෙදෙනා පළායන අවස්ථාවේදී අධිකරණ පොලිස් මුරපොළේ පොලිස් සැරයන්වරයෙකු, කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කාන්තාවන් දෙදෙනකු මෙන්ම ප්‍රධාන ගේට්ටුවේ අධිකරණ සේවකයෙකු ද රාජකාරියේ දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    පළාගිය කොල්ලකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් සහ බුද්ධි නිලධාරීන් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

    ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි පුෂ්පකුමාරගේ උපදෙස් මත පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.