Close Menu
Lanka Focus News
    What's Hot

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රෝහල් සේවිකාව මත් පෙති සමග මාට්ටු
    Featured

    රෝහල් සේවිකාව මත් පෙති සමග මාට්ටු

    By LFNDecember 13, 2022No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත් පෙති 173 ක් සමග අත් අඩංගුවට ගත් කෑගල්ල මහ රෝහලේ කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය සහයිකාව හෙට 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කෑගල්ල පරගම්මන නාමල් උයනේ පදිංචිව සිටින මොරගහකන්ද රාළලාගේ කුසුමාවති නැමැති 58 හැවිරිදි සිව් දරු මවකි.

    රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති කණිෂ්ඨ සෞඛ්‍ය සහයිකාව කාලයක සිට මත් පෙති කෑගල්ල රෝහලේ සිට අලෙවි කරන බවට අවස්ථා ගණනාවක දී බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති බව පොලිසිය පැවසීය.

    පොලිස් නිලධාරියෙකු උපාය දූතයකු ලෙස පෙනී සිට වාට්ටුවේ රාජකාරී කටයුතු සිදු කරන අවස්ථාවේ දී වාට්ටුවට ගොස් රුපියල් 2000 ක මුදලක් දී වර්ග තුනකින් මත් පෙති 40 ක් උපාය දූත පොලිස් නිලධාරියාට අලෙවි කරන අවස්ථාවේ දී සෞඛ්‍ය කාර්ය සහයිකාව පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගන්නා ලදි.

    පසුව ඇය සේවය කරන වාට්ටුවේ කබඩි එකක් ද පොලිස් නිලධාරින් විසින් පරීක්ෂා කරන අවස්ථාවේ දී තවත් මත් පෙති 133 ක් සගවා තිබී හමු වු බව පොලිසිය පැවසීය.

    අත් අඩංගුවට ගත් සැකකාරියගෙන් අද ප්‍රකාශ සටහන් කරගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී සැකකාරිය හෙට 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 202605 Views

    ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි…

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.