Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මියගිය වෛද්‍යවරයාගේ සුපිරි නිවස අයිතිකරගන්න ආ 6ක් අත්අඩංගුවට
    Featured

    මියගිය වෛද්‍යවරයාගේ සුපිරි නිවස අයිතිකරගන්න ආ 6ක් අත්අඩංගුවට

    By LFNDecember 13, 2022No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මියගිය වෛද්‍යවරයෙකුට අයත් නිවසක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට උත්සාහ කළ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර මියගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වන “වනාතේ ඕල්කට්” නැමැත්තාගේ පුංචි අම්මා ද සිටින බව පොලීසිය පවසයි.

    සැකකරුවන් පිරිස සෙල්ලම් පිස්තෝලයක් රැගෙනගොස් එම නිවස තමන්ට අලෙවිකර ඇති බව පවසා නිවැසියන් ඉන් පළවාහැරීමට උත්සාහ කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

    එහිදී අදාළ වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිමවීමෙන් අනතුරුව ඔහුගේ පුත්‍රයා යළි විදෙස්ගතවීමෙන් අනතුරුව මෙම පිරිස එම නිවස වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

    අනතුරුව නිවසේ සිටි පුද්ගලයින්ට ඉන් ඉවත්වන ලෙස තර්ජනය කරමින් පවසා ඇත්තේ වෛද්‍යවරයා විසින් එම නිවස ජීවත්ව සිටි කාලයේ ඔවුන්ට අලෙවිකළ බවය.

    කෙසේ වෙතත් අදාළ වෛද්‍යවරයා විසින් බලපත්‍රයක් මගින් මෙම නිවස සහ ඉඩම තමන් වෙත පවරා තිබූ බව එම වෛද්‍යවරයා බලාකියාගත් පුද්ගලයා ප්‍රකාශ කර ඇත.

    විදෙස් රටක වාසය කරන වෛද්‍යවරයාගේ පුත්‍රයා ඉල්ලීමක් කරන අවස්ථාවක නැවත පවරාදීමකට යටත්ව එම බලපත්‍රය ලබාදුන් බවද නිවසේ සිටි පුද්ගලයා ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බොරැල්ල පොලීසිය විසින් ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස්…

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026

    මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

    August 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.