Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්
    Business

    මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

    By LFNDecember 13, 2022No Comments2 Mins Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වංචා සහගත ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීම
    විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන පැමිණිලිවල සීග්‍ර වර්ධනයක් මෑත කාලීනව නිරීක්ෂණය වී ඇත.

    එබැවින්, නිසි පරීක්ෂාවකින් තොරව ඉහත ආකාරයේ තොරතුරු මත පදනම්ව නොදන්නා පාර්ශ්වයන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට අවධාරණය කර සිටී.

    තවද, මෙවැනි ක්‍රියාවල නිරතවන වංචාකරුවන් විසින් අදාළ ගනුදෙනු සිදු කිරීම සඳහා පහත තොරතුරු ඔබගෙන් ඉල්ලා සිටිය හැකිය,

    පුද්ගලික හැඳුනුම් අංක (PIN),
    කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදා ගන්නා ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක (CVV),
    ගනුදෙනු සහතික කිරීමේ දී යොදා ගන්නා එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP),
    ජංගම බැංකුකරණයේ දී/ අන්තර්ජාල බැංකුකරණයේ දී යොදා ගන්නා පරිශීලක නාම (User ID), මුරපද (Password) හා එක් වරක් පමණක් භාවික වන මුරපද (OTP).
    එබැවින්, මෙවැනි රහස්‍ය තොරතුරු, කිසිදු තෙවන පාර්ශවයක් සමඟ හුවමාරු කර නොගත යුතු බවටත්, එවැනි වංචා පිළිබඳ සුපරීක්ෂාකාරී වන ලෙසටත්, මූල්‍ය බුද්ධි ඒකකය තවදුරටත් මහජනතාවට අවධාරණය කර සිටී. එසේම, එවැනි විස්තර සැපයීමෙන් ඔබ/ ඔබගේ පවුලේ සාමාජිකයෙකු/ ඔබගේ සමීපතමයෙකු නිසැකයෙන් ම මූල්‍ය වංචාවක වින්දිතයෙකු බවට පත් වනු ඇත.

    මේ ආකාරයේ දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ ඔබට ලැබෙන්නේ නම්, ඒ සම්බන්ධයෙන් 011-2477125 හෝ 011-2477509 හරහා මූල්‍ය බුද්ධි ඒකකය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.