Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොල්ලුපිටිය රිය අනතුරින් පලා ගිය රියදුරු ඩුබායි පැනලා
    Featured

    කොල්ලුපිටිය රිය අනතුරින් පලා ගිය රියදුරු ඩුබායි පැනලා

    By LFNDecember 13, 2022No Comments2 Mins Read317 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොල්ලුපිටිය ගාලු පාරේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ත්‍රිරෝද රථය රියදුරයකු මියයාමේ සිද්ධියට අදාලව මෝටර් රථය එම ස්ථානයේ දමා පලාගිය (26) හැවිරිදි මෝටර් රථ රියදුරු මෙන්ම රථ හිමිකරු එදිනම ඩුබායි රාජ්‍ය බලා පලාගොස් ඇති බව තොරතුරු අනාවරණය වේ.

    මෙම අනතුර ඉකුත් (10) දින පෙරවරු 6.15 ට පමණ සිදුව ඇති අතර, අනතුරින් පසු මෝටර් රථය එම ස්ථයේදීම දමා පලාගොස් ඇති සැකකරු එදින පෙරවරු 9.55 ට පමණ කටුනායක ගුවන්තොටින් ඩුබායි රාජ්‍ය බලාගොස් ඇති බවට වාර්තා වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    මෙම සැකකරු (26) හැවිරිදි පුද්ගලයකු වන අතර ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් ව්‍යාපාරවල නිරත වන බවත් දින කිහිපයක නිවාඩුවක් සදහා මොහු දින කිහිපයකට පෙර මෙරටට පැමිණි ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

    ඩුබායි සිට නිවාඩුවට පැමිණීමේ සතුටට ඔහු සිද්ධි වු දින සිය මිතුර මිතුරියන් පිරිසකට මේ අයුරින් මත්පැන් සාදයක් පවත්වන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

    කාන්තාවන් තිදෙනකු ඇතුලු පස් දෙනකුගෙන් සමන් විත පිරිසක් රාත්‍රි සමාජ ශාලා තුනකින් මත්පැන් පානය කර තවත් මත්පැන් පානය කිරීම සදහා කොළඹ තරු හෝටලයක් වෙත යමින් සිටියදී ඉකුත් (10) දින පෙරවරුවේ රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුරු සිදුව ඇති බව පොලිසිය කියයි.

    සිද්ධියෙන් සැකකරු අත්අඩංගුවට පත්වීම වලක්වමින් ඔහු මෙලෙස රටින් පලාගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

    සිද්ධියෙන් බරපතල තුවාල ලබා මියගොස් සිටි ත්‍රිරෝද රථ රියදුරු කහතුඩුව ප්‍රදේශයෙ පදිංචි ඩ්‍රෑමන් නූර්ඩීන් තුවාල් (58) හැවිරිදි පුද්ගලයකු බවද පොලිසිය පවසයි.‍

    රටින් පලා ගොස් සිටින රථයේ රියදුරු කෝටිපති ව්‍යාපාරිකයකු බවත්, සැකකරුට අයත් මරදාන, දෙහිවල සහ වැල්ලම්පිටියේ නිවසේ දෙකක පරික්ෂාවට ලක් කළ ද සැකකරු එම නිවසේ වල නොසිටි බව පොලිසිය කියයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගේ කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇති බවත්, අධිකරණයෙන් නියෝග ලබාගෙන ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 202605 Views

    මෝල්ටාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 11…

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.