Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොල්ලුපිටිය රිය අනතුරින් පලා ගිය රියදුරු ඩුබායි පැනලා
    Featured

    කොල්ලුපිටිය රිය අනතුරින් පලා ගිය රියදුරු ඩුබායි පැනලා

    By LFNDecember 13, 2022No Comments2 Mins Read319 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොල්ලුපිටිය ගාලු පාරේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ත්‍රිරෝද රථය රියදුරයකු මියයාමේ සිද්ධියට අදාලව මෝටර් රථය එම ස්ථානයේ දමා පලාගිය (26) හැවිරිදි මෝටර් රථ රියදුරු මෙන්ම රථ හිමිකරු එදිනම ඩුබායි රාජ්‍ය බලා පලාගොස් ඇති බව තොරතුරු අනාවරණය වේ.

    මෙම අනතුර ඉකුත් (10) දින පෙරවරු 6.15 ට පමණ සිදුව ඇති අතර, අනතුරින් පසු මෝටර් රථය එම ස්ථයේදීම දමා පලාගොස් ඇති සැකකරු එදින පෙරවරු 9.55 ට පමණ කටුනායක ගුවන්තොටින් ඩුබායි රාජ්‍ය බලාගොස් ඇති බවට වාර්තා වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    මෙම සැකකරු (26) හැවිරිදි පුද්ගලයකු වන අතර ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් ව්‍යාපාරවල නිරත වන බවත් දින කිහිපයක නිවාඩුවක් සදහා මොහු දින කිහිපයකට පෙර මෙරටට පැමිණි ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

    ඩුබායි සිට නිවාඩුවට පැමිණීමේ සතුටට ඔහු සිද්ධි වු දින සිය මිතුර මිතුරියන් පිරිසකට මේ අයුරින් මත්පැන් සාදයක් පවත්වන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

    කාන්තාවන් තිදෙනකු ඇතුලු පස් දෙනකුගෙන් සමන් විත පිරිසක් රාත්‍රි සමාජ ශාලා තුනකින් මත්පැන් පානය කර තවත් මත්පැන් පානය කිරීම සදහා කොළඹ තරු හෝටලයක් වෙත යමින් සිටියදී ඉකුත් (10) දින පෙරවරුවේ රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුරු සිදුව ඇති බව පොලිසිය කියයි.

    සිද්ධියෙන් සැකකරු අත්අඩංගුවට පත්වීම වලක්වමින් ඔහු මෙලෙස රටින් පලාගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

    සිද්ධියෙන් බරපතල තුවාල ලබා මියගොස් සිටි ත්‍රිරෝද රථ රියදුරු කහතුඩුව ප්‍රදේශයෙ පදිංචි ඩ්‍රෑමන් නූර්ඩීන් තුවාල් (58) හැවිරිදි පුද්ගලයකු බවද පොලිසිය පවසයි.‍

    රටින් පලා ගොස් සිටින රථයේ රියදුරු කෝටිපති ව්‍යාපාරිකයකු බවත්, සැකකරුට අයත් මරදාන, දෙහිවල සහ වැල්ලම්පිටියේ නිවසේ දෙකක පරික්ෂාවට ලක් කළ ද සැකකරු එම නිවසේ වල නොසිටි බව පොලිසිය කියයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගේ කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇති බවත්, අධිකරණයෙන් නියෝග ලබාගෙන ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.