Close Menu
Lanka Focus News
    What's Hot

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලියෙන් පාඩු කීම මහා බොරුවක්
    Featured

    විදුලියෙන් පාඩු කීම මහා බොරුවක්

    By LFNDecember 8, 2022No Comments2 Mins Read207 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වන විට විදුලිබල මණ්ඩලය ලාභ ලබමින් පවතින බවත්, විදුලිබිල යළි වැඩිකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, හිටපු විදුලිබල ඇමැති, 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    විදුලි බිල වැඩි කිරීමෙන් පසු ඉකුත් ඔක්තෝම්බර් මස ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 28කට අධික ලාභයක් ලබා ඇතැයි කී මන්ත්‍රීරයා, ක්‍රමයෙන් එයට මුදල් ගලාගෙන එන නිසා පාඩුයි කීමට නොහැකි බව ද සඳහන් කළේය.

    පාඨලී චම්පික මහතා මේ බව පැවසුවේ 43 වන සේනාංක කාර්යාලයේ දී ඊයේ (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් 18කට හා වෙනත් ආයතන 4ක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය හා අනුබද්ධ ආයතන 22 ක් ලෙස පවත්වාගෙනයාමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි කී රණවක මහතා විදුලිය නිපදවන ජලාශ සමාගම්කරණය කළහොත් ජනතාවගේ පානීය හා ගොවිතැනට අවශ්‍ය ජලය අහිමිවිය හැකි බව ද කීවේය.

    රුපියල් 56ක් වන විදුලි ඒකකය රුපියල් 29 ට විකුණන බවට විදුලිබල මණ්ඩල ප්‍රධානීන් හා ඇමතිවරයා කරන ප්‍රකාශ පට්ටපල් බොරු බව කී මන්ත්‍රීවරයා විදුලිබල මණ්ඩලය විදුලිය ලබාගන්නේ ලක්ෂපාන බලාගාරයෙන් ඒකකයක් රුපියල් 2.41 බැගින්, මහවැලි විදුලිය ඒකකය රුපියල් 2.70, සමනල විදුලිය ඒකකයක් රුපියල් 3.68 වැනි මිල ගණන් යටතේ බවත්, මෙරට අඩු ප්‍රමාණයෙන් විදුලිය පරිභෝජනය කරන දුගී ජනතාවට එම විදුලිය ප්‍රමාණවත් බව ද කීවේය. ජල විදුලි බලාගාරවල ණයගෙවීමට රටකජු විකුණන හා හිඟමන් යන, යාචකයාගේ සිට සියලුදෙනා බදු ගෙවා ඇති බැවින් ඔවුන්ට එම විදුලිය ලැබිය යුතු බව ද ඔහු පැවසීය.

    ඩීසල් බලාගාර ක්‍රියාත්මක කර ඇත්තේ අධික විදුලියක් භාවිතා කරන ගෘහස්ථ, වාණිජ, කර්මාන්ත පාරිභෝගිකයන් බැවින් ඔවුන් එය ගෙවිය යුතු බව ද රණවක මහතා ප්‍රකාශ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,468 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,421 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,625 Views
    Don't Miss

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 202602 Views

    ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) සහ  පසුගිය 10 වැනිදා…

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026

    කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ ව්‍යාපාර ආයතනයකට ලක්ෂ 2ක දඩයක්

    September 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.