Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිඹුලාගල සෙනසුනට ලක්ෂ 12ක විදුලි බිලක්
    Featured

    දිඹුලාගල සෙනසුනට ලක්ෂ 12ක විදුලි බිලක්

    By LFNDecember 6, 2022No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කරන ලද විදුලිය නැවත දුන්නද රුපියල් දොළොස් ලක්ෂ දොළොස් දහස් පන්සිය හැට පහයි ශත අසූඅටක මුදලක් හා ඇමුණුම් ගාස්තු වශයෙන් රුපියල් 3,000ක මුදලක් නොගෙවුවහොත් මේ මස 14 වැනිදා යළි විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරුවරිය ලිපියකින් දැනුම් දී ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාමියෝ සඳහන් කළහ.

    ආරණ්‍ය සේනාසනයේ විදුලිය ඉකුත් 27 වැනිදා විසන්ධි කළ අතර ඒ පිළිබඳ ලංකාදීප පුවත්පතින් අනාවරණය කිරීමෙන් පසු බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ බවත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී දැඩි කතාබහට ලක්වීමෙන් පසුව 28 වැනිදා විදුලිය නැවත ලබාදීමට කටයුතු කළ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

    දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉකුත් සැප්තැම්බර් මස විදුලි බිල ලෙස රුපියල් හයලක්ෂ හැත්තෑ දහස් තුන්සිය අසූවක් බවත්, ඒ අනුව ඉකුත් 28 වැනිදා විදුලිය විසන්ධි කිරීමෙන් පසු එම විදුලි බිල ගෙවීමට දින දාහතරක සහන කාලයක් ලබාදුන් බවත් ප්‍රධාන විදුලි ඉංජිනේරුවරිය එවා ඇති ලිපියේ සඳහන් වේ.

    ලංකා විදුලිබල මණ්ඩලය මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරු ඩබ්ලිව්.එම්.ඩී. නිසංසලා මහත්මියගේ අත්සනින් යුතුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත එම ලිපිය යොමු කර ඇති බව රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

    දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පුණ්‍යභූමියක් කොට සලකමින් හා අපවත් වී වදාළ මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් ශාසනයට ආගමට ජාතියට ඉටුකරන ලද සේවයට ගෞරවයක් වශයෙන් විහාරස්ථානයට නොමිලේ විදුලිය ලබාදුන් බවය.

    හිටිහැටියේ විදුලිය විසන්ධි කිරීම බරපතළ අර්බුදයක් බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

    මෙම පිළිබඳව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දායක කාරකාදීන් සමග සාකච්ඡා කර යම් තීරණයක් ගන්නා තුරු සේනාසනයේ විදුලිය විසන්ධි නොකරන ලෙසත් මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ මෙන්ම විදුලිබල අමාත්‍යවරයාගේ ද දැඩි අවධානයට යොමුකරන ලෙසත් රාහුලාලංකාර නාහිමියෝ ඉල්ලීමක් කළහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.