Close Menu
Lanka Focus News
    What's Hot

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කිසිවෙකු රට හැර යා යුතු නෑ… ජනපතිගෙන් සහතිකයක්
    Featured

    කිසිවෙකු රට හැර යා යුතු නෑ… ජනපතිගෙන් සහතිකයක්

    By LFNDecember 6, 2022No Comments3 Mins Read298 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ලොව දියුණු රටවල් සමග ඉදිරියට යාමට හැකි පසුබිම සැකසීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    රට නියත වශයෙන්ම ආර්ථික සමෘද්ධිය කරා ගමන් කරවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා කිසිවෙකු මව්බිම හැර යා යුතු නොවන බව ද සඳහන් කළේය.

    තමන්ගේ ලෝකය තම රට තුළ නිර්මාණය කර ගැනීම තාරණ්‍යයේ වගකීම වන අතර සැබෑ දක්ෂතාව එය බවත් 2025 වන විට සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට දායකවීමට තරුණ තරුණියන්ට අවස්ථාව ඇති බවත් ජනාධිපතිවරයා පැවසිය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ 2023 අයවැය පිළිබඳ තරුණ තරුණයින් සමග පසුගිය 03 වනදා පැවති මාර්ගගත සංවාදයේදී අදහස් දක්වමිනි.

    සංවාදයට එක් වූ තරුණ තරුණියන් 2023 අය වැය යෝජනා සහ රටේ ඉදිරි ගමන් මග පිළිබඳව නැඟු ප්‍රශ්නවලට ජනාධිපතිවරයා පිළිතුරු දෙනු ලැබීය.

    එදා ශ්‍රී ලංකාව ආසියාවේ දෙවැනි වූයේ ජපානයට පමණක් වුවත් අද රටේ ආර්ථිකය සීඝ්‍රයෙන් පහත බැස ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙතැනම සිටිනවාද, නව වැඩපිළිවෙළක් ඔස්සේ ආර්ථික දියුණුව කරා ගමන් කරනවාද යන්න තීරණය කළ යුතුව තිබෙන බව ද සඳහන් කළේය.

    මේ වන විට තරුණ තරුණියන් රට හැර යාමේ ප්‍රවණතාව ඉහළගොස් ඇති බවත්, පවතින දේශපාලන ක්‍රමය පිළිබඳ ඔවුන් සතුටට පත් නොවීම ඊට හේතුව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    තාරුණ්‍යයේ අපේක්ෂා ඉටු කරමින් රටට සුදුසු ආර්ථික ක්‍රමය කඩිනමින් සකසාගත යුතුබව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටේ කඩා වැටී තිබූ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට පසුගිය අගෝස්තු මාසයේ ගෙන ආ අතුරු අයවැයෙන් හැකි වූ බවත්, එම ස්ථාවරත්වය මත සිටිමින් නව ආර්ථිකයක් ගොඩනැගීමේ ගමන මෙවර අය වැය සමග අරඹන බවත් සඳහන් කළේය.

    රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ කළ විමසීමට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මුදල් පිළිබඳ නව අධීක්ෂණ කමිටු පත් කිරීමට හා පාර්ලිමේන්තුවේ දැනට ඇති කමිටු ශක්තිමත් කිරීමට මෙවර අය වැය තුළින් යෝජනා කර තිබෙන බවය.

    මෙම කටයුතු සඳහා සහායවීමට පාර්ලිමේන්තු අය වැය කාර්යාලයක් ඇති කිරීමට යෝජනා කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    රට තුළ සිදුවූ ආර්ථික කඩාවැටීම එකවර සිදුවූවක් ‍නොවන අතර, ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ නොයෙකුත් වාදවිවාද සිදුකළද මෙවන් ආර්ථික අර්බුදයක් පිළිබඳ වාර්තාවක් කිසිවෙකු පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා එවැනි තත්ත්වයන් මෙම කමිටු ක්‍රියාත්මකවීම සමග මඟහැරී යනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

    රාජ්‍ය සේවය පිළිබඳ කළ විමසීමේ දී ජනාධිපතිවරයා සඳහන් කළේ, පසුගිය පාලනයන්හිදී අනවශ්‍ය ලෙස රාජ්‍ය සේවය පිරවීම අද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයට හේතුවක් වී ඇති බවය. රට ආර්ථික දියුණුව කරා ගමන් කළ ද, 2035 වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබන සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගැනීම හේතුවෙන් විශ්‍රාම වැටුප් ලබාදීමේ දී බරපතළ ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක නවක වධය අයිතිවාසිකමක් නොවන අතර ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් නවක වධය අවසන් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ තරුණියන් හමුවේ අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සහ හිල්ටන් වැනි රජයට අයත් ව්‍යාපාර පෞද්ගලිකරණය කරන්නේ ද යන්න නැඟ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ, මුදල් සහ විදේශ සංචිත නැතිවීම හේතුවෙන් කඩාවැටී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීමට ඇති එකම විකල්පය ලාභ නොලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කර ඒවා නඟාසිටූවීම බවත්, එවිට රුපියල ද ශක්තිමත් කළ හැකි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,468 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,421 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,625 Views
    Don't Miss

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 202603 Views

    ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) සහ  පසුගිය 10 වැනිදා…

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026

    කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ ව්‍යාපාර ආයතනයකට ලක්ෂ 2ක දඩයක්

    September 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.