Close Menu
Lanka Focus News
    What's Hot

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංවීම කෑලි කඩයි
    Featured

    ලංවීම කෑලි කඩයි

    By LFNDecember 5, 2022No Comments2 Mins Read373 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රතිව්ව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගමේ අටක් පිහිටුවීමට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුව රජයට නිර්දේශ කර ඇත.

    ඒ සඳහා 2002 අංක 6 දරන විදුලිබල පනත අහෝසි කරන නව පනත් කෙටුම්පතක් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත බව බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

    විදුලිබල මණ්ඩලය වෙනුවට නව සමාගම් අටක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් ඉකුත් සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ වන විට ලැබී ඇත.

    පිහිටුවනු ලබන නව සමාගම් 8 යටතේ විදුලිය ජනනය සඳහා සමාගම් දෙකක් ද සම්ප්‍රේෂණය සඳහා සමාගම් දෙකක් සහ බෙදාහැරීම සඳහා සමාගම් හතරක් වශයෙන් මෙම පිහිටුවීමට යෝජනා වී ඇත.

    විදුලිය ජනනය සඳහා පිහිටුවනු ලබන සමාගම් දෙකෙන් එකක් ජල හා පුනර්ජනනීය බලශක්තිය සඳහා ද අනෙක් සමාගම ඉන්ධන බලාගාර සඳහා ද පිහිටුවීමට යෝජනා වී ඇතැයි දැනගන්නට තිබේ.

    එම සමාගම් රජයට බරක් නොවී ව්‍යාපාරික ආයතන ලෙස පවත්වාගෙන යාමට ද යෝජනා වී ඇත.

    විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුර වෙනුවට මෙම සමාගම් අට සඳහා නිසි බලධරයකු පත් කිරීමට ද යෝජනා වී ඇතැයි වාර්තා වේ.

    ඉන්ධන ,විදුලිය සහ ජලය සඳහා පිහිටුවා ඇති මහජන උපයෝගිතා කොමිසම වෙනුවට, විදුලිය සඳහා වෙනම මහජන උපයෝගීතා කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුවී ඇතැයි දැනගන්නට තිබේ.

    මේ අතර ,විදුලි බිල සියයට 70කින් වැඩි කිරීමට යෝජනා වී ඇති අතර, ඉන් සියයට තිහක් ජනවාරි මාසයේදී ද ,ඉතිරි සියයට 40ජුනි මාසයේදී ද වැඩි කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,468 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,421 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,625 Views
    Don't Miss

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 202603 Views

    ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) සහ  පසුගිය 10 වැනිදා…

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026

    කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ ව්‍යාපාර ආයතනයකට ලක්ෂ 2ක දඩයක්

    September 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.