Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෛත්‍රීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
    Featured

    මෛත්‍රීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

    By LFNDecember 5, 2022Updated:December 5, 2022No Comments2 Mins Read222 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමා ජනාධිපති සමයේ ක්‍රියාත්මක කළ ජාතික මට්ටමේ ව්‍යාපෘති සඳහා වැය කළ මුදල් ද තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට වැය කළ බවට ගණනය කර වැරදි පුවතක් සමාජගත කර ඇතැයි හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය.

    අදාල ව්‍යාපෘති සඳහා පත්කළ නිලධාරීන්ගේ වැටුප් ද ඇතුළත් කර ගාන හදා අදාල ප්‍රවෘත්ති පළ කර තිබෙන බව කීමෛත්‍රිපාල සිරිසේන මහතා කීය.

    වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය.

    සතියක් තිස්සේ මාධ්‍ය ආයතන රාශියක් ඉතා වැරදි ප්‍රවෘත්තියක් මා සම්බන්ධ කරගෙන ප්‍රචාරය කළා.

    මහින්ද රාජපක්ෂ මහතාගෙත් මගෙත් ඡායාරූප දමා ජනපති කාර්ය මණ්ඩල නඩත්තුවට මිලියන එක්දහස් හාරසිය අසූවක් වියදම් වූ බව පවසා තිබෙනවා.මෙය සත්‍යයක්. මහින්ද රාජපක්ෂ මහතා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ජනාධිපති වැය ශීර්ෂයෙන් 43%ක්ද මෛත්‍රීපාල සිරිසේන 57% ද යොදවා තිබූ බව අනාවරණය වූ බව එම වාර්තා වල දක්වා තිබෙනවා.

    තොරතුරු දැනගැනීමේ පනත අනුව ඉල්ලීම් කර තොරතුරු ලබාගත් බවද ඒ ප්‍රවෘත්තියේ දක්වා තිබෙනවා.

    මම ජනාධිපති ලෙස කටයුතු කරද්දී ජාතික මට්ටමේ ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක කළා.ඒ ව්‍යාපෘති රටේ ජනප්‍රිය වුණා.ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන,ජාතික පරිසර වැඩසටහන,ජාතික වකුගඩු රෝග මර්දන මර්දන ව්‍යාපාරය,ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන,අපචාර වලට ලක්වන දරුවන් බේරා ගැනීම සඳහා ළමයින් රකිමු වැඩසටහන,කාන්තා හිංසනය වැළැක්වීමේ වැඩසටහන,ග්‍රාම ශක්ති වැඩසටහන ආදියට අප වැඩිපුර නිලධාරීන් යෙදෙව්වා.

    රජයේ වෙනත් ආයතන වලින් නිලධාරීන් ලබා ගෙන ජාතික වැඩසටහන් වලට බඳවා ගත්තා.වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ද මේ වැඩසටහනට ලබා ගත්තා.

    මේ ව්‍යාපෘති සඳහා පත්කළ නිලධාරීන්ගේ වැටුප් සමඟ තමයි මේ ගාන හදලා පෙන්වන්නේ.මට මේකට පරීක්ෂණයක් අවශ්‍ය නැහැ.මේ වැරදි තොරතුරු නිවැරදි කිරීමට කටයුතු කරන්න.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.