Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාලසටහන් සංශෝධනය දුම්රිය ප්‍රමාදයට විසඳුමක් නොවන බවට චෝදනා
    Featured

    කාලසටහන් සංශෝධනය දුම්රිය ප්‍රමාදයට විසඳුමක් නොවන බවට චෝදනා

    By LFNDecember 1, 2022No Comments2 Mins Read196 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුම්රිය ප්‍රමාදවීම් වළක්වාගැනීමට අවශ්‍ය නිසි විසඳුම් ලබාදීමට දුම්රිය පාලානාධිකාරිය අපොහොසත් වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

    එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේ, දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමෙන් පමණක් දුම්රිය ප්‍රමාදයන් වැළැක්විය නොහැකි බවය.

    මේ වන විට පවතින දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ලබන පස් වන දින සිට කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මෙම නව කාලසටහන හදුන්වාදීම මගින් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවන් යම්තාක් දුරට වළක්වා ගැනීමට හැකි වනු ඇති බවය.

    “මීට වසර කිහිපයකට පෙරත් දුම්රිය ප්‍රමාදවීමක් වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් පාලන අධිකාරිය කටයුතු කළේ ප්‍රමාදවෙන දුම්රිය පැමිණෙන වේලාවත් එක්ක සංශෝධනය කරලා තමයි දුම්රිය කාල සටහන සංශෝධනය කිරීමට ගියේ. ඉතන් ඒකත් එක්ක දුම්රිය කාල සටහන සංශෝධනය කිරීමෙන් නිවැරිදි පිළිතුරක් මගියාට ලැබෙන්නේ නැහැ කියන එක තමයි අපි තීරණය කරලා තියෙන්නේ අපේ සංගමයේ ස්ථාවරය. මේ දුම්රිය කාල සටහන සංශෝධනය කිරීම නෙමයි දුම්රිය ප්‍රමාදයට වෙනත් හේතු තියෙනවා. මේ හේතු මොනවද කියලා හොයලා බලලා දුම්රිය නිසි වේලාවට ධානය කිරීම හැකියාවක් තියෙන්න ඔ්නේ. පාලන අධිකාරියට සහ වර්තමාන දේශපාලන අධිකාරියට. නමුත් එවැනි විසඳුමකට නෙමයි යන්නේ. මේකෙන් වෙන්නේ තවත් දුම්රිය ප්‍රමාදවීමක් කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.”

    කෙසේවෙතත් මෙමගින් දුම්රිය ප්‍රමාදයන් තවදුරටත් වැඩි වන අතර ඉන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202607 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.