Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුදුමැස්සා පාලනයට හමුදාව හෙලිකොප්ටර් යොදවන්න
    Featured

    සුදුමැස්සා පාලනයට හමුදාව හෙලිකොප්ටර් යොදවන්න

    By LFNNovember 30, 2022No Comments2 Mins Read222 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොල් වගාව තුළ සුදු මැස්සා තදින්ම පැතිර යන හෙයින් හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (30) ඉල්ලීමක් කළේය.

    “මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල්වගාව නැති වේවි” යැයිද ඔහු සඳහන් කළේය.

    අනුර ප්‍රියදර්ශන යාපා මහතා:

    පොල් වගාවේ සුදු මැස්සාගේ බලපෑම තදින්ම සිදුවෙනවා තවමත් ඒ සඳහා විසඳුමක් ලැබිලා නැහැ . මේ සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. මේක සීඝ්‍රයෙන් පැතිරෙනවා. විශාල ප්‍රදේශයකට ස්ප්‍රේ කරන්න වෙන නිසා හමුදාව හරි දාලා කරන්න. මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල් වගාව නැති වෙනවා.

    වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා:

    ඒකට දුමායනය කිරීමක් හෝ ස්ප්‍රේ කිරීමක් කරන්න අවශ්‍යයි. අමාරු වැඩක්. පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය සමග මැෂින් දෙසීයක් දැනටමත් සපයා තියෙනවා. රැප්ටාරා කියන කෘමි නාශකය භාවිතා කරන්න පුළුවන්. කොහොඹ තෙල් සබන් මිශ්‍රණය පාවිච්චි කරන්නත් පුළුවන්. අපිට පුළුවන් ඒක නැති කරන්න උදව් කරන්න.

    රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා:

    ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහත්තයා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටියදී ඔය වගේ රෝගයක් ආවා. ඒ කාලේ යම්කිසි තෙල් මිශ්‍රණයක් හෙලිකොප්ටර්වලින් ගැහුවා. ඒ වගේ වැඩපිළිවෙලකට යන්න වේවි.

    වැවිලි කර්මාන්ත ඇමති:

    සුදුමැස්සා ඉන්නේ පොල් අත්තේ යට පැත්තේ. උඩින් ස්ප්‍රේ කරන්න බැහැ.

    රමේෂ් පතිරණ මහතා:

    ඒ ගැන අවධානය යොමු කරනවා

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 202608 Views

    ‘ඉස්ලාමාබාද් සාම සංදේශය’ අත්සන් කිරීම හෙට (14) දිනයේදී සිදු නොවන බව ඉරානය පවසයි. එරට විදේශ…

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.