Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»සාමයේ පරවියා රැගෙන චීන ජනපති, කිම් ජොන් හමු වෙයි
    International

    සාමයේ පරවියා රැගෙන චීන ජනපති, කිම් ජොන් හමු වෙයි

    By LFNNovember 27, 2022No Comments2 Mins Read276 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවසා තිබේ.

    චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ උතුරු කොරියාවේ පියොංයැං අගනුවර සංචාරය කරමින් නායක කිම් ජොන් උන් හමුවෙමිනි.

    චීන ජනාධිපති ෂී ජින් සහ නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමට උතුරු කොරියානු නායකයා කටයුතු කළේය. චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් කළ යෝජනාවට නායක කිම් ජොන් උන් එකපයින් කැමැත්ත පළ කළ බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

    පසුගිය කාලය පුරා උතුරු කොරියාව නොයෙක් ආකාරයේ දිගු දුර බැලැස්ටික මිසයිල අත්හදා බැලුවේය. එම මිසයිල අත්හදා බැලීම් අසල්වැසි දකුණු කොරියාවට පමණක් නොව, ජපානයට ද තර්ජනයක් විය.

    ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය එක් වී උතුරු කොරියාවට දැඩි විරෝධයක් ද පළ කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්වී උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ඇමෙරිකාව, චීනය සහ රුසියාව ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන්ය.

    උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කළේ 2017 වසරේදීය. මේ වනවිට උතුරු කොරියාව, හිතුවක්කාර අන්දමින් න්‍යෂ්ටික අත්හදා බැලීම් 7 ක් සිදු කර ඇත.

    ‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි. උතුරු කොරියාව චීනයේ අසල්වැසියෙකි.

    ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පනවා ඇති සම්බාධක මධ්‍යයේ උතුරු කොරියාව සමීප ලෙස ගනුදෙනු පවත්වන්නේ චීනය සමඟය. රුසියාව ද උතුරු කොරියාවට මායිම් වෙයි. උතුරු කොරියාව සහ රුසියාව අතරේ සබඳතා පවතී.

    පසුගිය දා ඉන්දුනීසියාවේ බාලි දූපතේ ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ, දෙරට අතර පවතින නොහොඳ නෝක්කඩු අවසන් කිරීමේ අරමුණින්ය. එම සාකච්ඡා ඵලදායී විය.

    එහිදී උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික අත්හදා බැලීම් කෙරෙහි අවධානය යොමු විය. චීන ජනාධිපති ෂී ජින්පින්, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියා නායකයා හමුවූයේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.